ලංකාවේදී පැවැත්වීමට නියමිත Arduino Day 2023

ලංකාවේදී පැවැත්වීමට නියමිත Arduino Day 2023

Arduino Day යනු Arduino Platform එකේ සහ ආර්ඩිනෝ ප්‍රජාවගේ වාර්ශික සැමරුමකි. පළමු Arduino දිනය 2014 දී පවත්වන ලද අතර එතැන් සිට එය ලොව පුරා සිටින Arduino ලෝලීන් විසින් සංවිධානය කරන ලද රැස්වීම් සහ ක්‍රියාකාරකම් සිය ගණනක් සමඟ ගෝලීය උත්සවයක් දක්වා වර්ධනය විය.

මෙයට සමගාමීව මෙම වසරේ ශ්‍රී ලංකාවේ Arduino Community එක විසින් Arduino පිළිබඳව වැඩසටහනක් නුගේගොඩ ශාන්ත ජෝන් පිරිමි විද්‍යාලයෙහි සංවිධානය කර ඇත.

මේ වැඩසටහන දෙදිනක් පුරාවට පැවැත්වීමට සැලසුම් කර ඇත. එනම් මාර්තු 24 සහ මාර්තු 25 යන දින දෙකයි. 24 වැනි දින  පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා වෙන වෙනම Hackethon තරඟයක් පැවැත්වේ. Hackethon තරඟය සඳහා අවශ්‍ය සියලුම උපකරණ නොමිලේ ලබා දෙනු ඇත. 25 වෙනිදා Arduino පිලිබඳ පුළුල් දැනුමක් සහිත දේශකයන්  විසින් දේශන 5ක් පැවැත්වේ. ඔබත් මෙම වැඩසටහනට සහභාගී වීමට කැමති නම් පහත සබැඳියට ගොස් ගූගල් පෝරමය පුරවා ලියාපදිංචි වන්න.

https://arduinoday.mrduino.com/register

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna