Apple සමාගමේ 5G modem එක එලිදැක්වීම පමා වන ලකුණු; නැවතත් ඇණවුම් 100% Qualcomm වෙත
![Apple සමාගමේ 5G modem එක එලිදැක්වීම පමා වන ලකුණු; නැවතත් ඇණවුම් 100% Qualcomm වෙත](/content/images/size/w1200/2022/06/Apple-s-Work-on-5G-Modem-Chip-Failed.jpg)
Apple සමාගමේ විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo විසින් මෑතකදී Apple 5G modem එකෙහි තත්වය සදහන් කරමින් Tweet එකක් පළ කර තිබුනා. 2019 දී Apple සමාගම විසින් Qualcomm modem ලබාගත් අතර ඉන් පසුව Apple හට iPhone සඳහා ඔවුන්ගේම 5G modem නිෂ්පාදනය කිරීමට සූදානම් වූවා.
Apple හි 5G modem එකේ සංවර්ධන වාර්තා 2020 අග භාගයේදී සිටම පළවුවත් Kuo ගේ නවතම සටහනට අනුව පවසන්නේ 2024 වන තෙක් Apple 5G modem එක Apple විසින් භාවිත කිරීම නුසුදුසු බවයි.
(1/4)
— 郭明錤 (Ming-Chi Kuo) (@mingchikuo) June 28, 2022
[Company Update] Qualcomm (QCOM.O)
My latest survey indicates that Apple's own iPhone 5G modem chip development may have failed, so Qualcomm will remain exclusive supplier for 5G chips of 2H23 new iPhones, with a 100% supply share (vs. company's previous estimate of 20%).
Apple 5G modem එකෙහි මෑතකාලින සංවර්ධන කටයුතු අසාර්ථක වී තිබිය හැකි බව Kuo විසින් සදහන් කරනවා. කෙසේ වෙතත් 2023 දී නිකුත් වන iPhone සදහා ද එහි 5G Modem වල සැපයුම්කරු ලෙස Qualcomm සමාගම දිගටම කටයුතු කරනවා.
(3/4)
— 郭明錤 (Ming-Chi Kuo) (@mingchikuo) June 28, 2022
2. I believe Apple will continue to develop its own 5G chips, but by the time Apple succeeds and can replace Qualcomm, Qualcomm's other new businesses should have grown enough to significantly offset the negative impacts caused by the order loss of iPhone 5G chips.
තවමත් මෙම Apple 5G Modem එක සංවර්ධනය වෙමින් පවතින අතර නව iPhone සදහා Apple Chipset මත Qualcomm හි 5G මොඩමය ප්‍රතිස්ථාපනය කිරීමට සුදුසු බව Kuo විසින් අපේක්ෂා කරනවා.
Sources: GSM Arena MacRumors iDrop NewsSource - GSMArena.com