Apple සමාගම විසින් M2 Chipset එකත් සමඟින් නවම Mac මාදිලි 9ක් එළිදැක්වීමට සූදානම් බවට තොරතුරු වාර්තා ​වේ

Apple සමාගම විසින් M2 Chipset එකත් සමඟින් නවම Mac මාදිලි 9ක් එළිදැක්වීමට සූදානම් බවට තොරතුරු වාර්තා ​වේ

Apple විසින් මෙම වසරේ Mac s ගණනාවක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර, ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් වන Bloomberg හි Mark Guraman ගේ Apple Roadmap Leak වාර්තාවට අනුව නව Macs 9ක් නිකුත් වන බවයි. එසේම Apple සමාගම මෑතක දී හඳුන්වාදුන් Mac Studio ට අමතරව මෙම නව Macs පැමිණෙනු ඇති බව වාර්තා වී ඇත.

එසේම එම වාර්තාව පවසන්නේ Next Gen M2 Chip එකක් ලඟදීම වන බවයි. M1 Chip එකෙහි සිදු වූ පරිදිම Pro හා Max වර්ග දෙකම නිකුත් විය හැකි අතර M2 Chip එක බොහෝ විට Macbook Air හා Entry Level Macbook Pro වල බලගැන්වීමට භාවිතා වන බවයි. කෙසේ වෙතත් Mac Mini හා Mac Pro දෙකම M2 වලින් බල ගැවුනද,chip එක සම්බන්ධව තවම විස්තර සදහන් කර නැත. නමුත් Efficiency හා Performance අතින් M2 Chip එක ඉදිරියෙන් සිටිය හැක.

එසේම Apple විසින් Mac Book Proහි අඟල් 14හා අඟල් 16 ලෙස මාදිලි දෙකක් නිකුත් කිරීමටද අපේක්ෂා කරන අතර ඒවා M2Pro හා M2 Max මගින් බලගැන්වෙන බව වාර්තා වේ.Apple M2 Max Silicon වල CPU Core 12ක් හා Cores 38ක් තිබිය හැකිය. නව Mac Pro එකක්ද M2 Ultra සමග පැමිණිය හැක. නමුත් iMac Model එකක් සම්බන්ධව තවම තොරතුරු වාර්තා වී නැත.

මේ සියලුම මාදිලියන් වසර පුරාවට හඳුන්වා දීමට Apple අපේක්ෂා කරන අතර මේ සියල්ල එකවර Launch කිරීමක් අපට බලාපොරොත්තු විය නොහැක.එසේ ම ඒවා Launch කරන දිනයක් තවම වාර්තා වී නැහැ.

ඉතින් Apple M2 Chips ටිකයි අලුත් Mac s ටිකයි කොහොම වේවිද? ඔබේ අදහස දක්වන්න…

Source: BeeBom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara