Apple MagSafe battery pack හරහා iPhones අරෝපණය කිරීමේ වේගය වැඩි කිරීමට කටයුතු කර​යි

Apple MagSafe battery pack හරහා iPhones අරෝපණය කිරීමේ වේගය වැඩි කිරීමට කටයුතු කර​යි

MagSafe Battery Pack එක සදහා ලබා දුන් නව Firmware Update එකත් සමගින් MagSafe Battery Pack එක මගින් iPhone එක Recharge විමේ වේගය වැඩි කිරිමට Apple සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

20W Charger එකකට MagSafe Battery Pack එක සම්බන්ධ කර ඇති විට එයට 15W ප්‍රමාණයෙන් iPhone එක Charge කළ හැකි වුවත් MagSafe Battery Pack එක 20W Charger එකෙන් ඉවත් කර iPhone එක Recharge කිරිමේදි 5W ප්‍රමාණයෙන් Charge කර ගැනිමේ හැකියාවයි මීට පෙර පැවතියේ. මෙලෙස MagSafe Battery Pack එකට ලබා දුන් Firmware Update එක මගින් MagSafe Battery Pack එක මගින් Recharge කිරිමේ දි 7.5W ප්‍රමාණයෙන් iPhone එක Charge කර ගැනිමේ හැකියාව ලබා දි තිබෙනවා.

මේ MagSafe Battery Pack එක Update කිරිම සදහා ඔබට iPhone, iPad හෝ Mac එකක් භාවිත කළ හැකි අතර මෙය iPhone එක හා MagSafe Battery Pack එක සම්බන්ධ කර කරනු ලබනවා නම් ඒ සදහා සතියක පමණ කාලයක් ගත වෙනු ඇති බවත් iPad හෝ Mac එකක් ඔස්සේ මෙම Update එක සිදු කරන්නේ නම් මේ සදහා මිනිත්තු 05ක් පමණ ගත වෙන බවත් Apple සමාගම විසින් දක්වා තිබෙනවා.

Source : Apple, Gsm Arena

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna