වෙළඳපල අගය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවා ගිය ලොව ප්‍රථම සමාගම බවට පත්වීමට ඇපල් සමාගම සමත් වේ

වෙළඳපල අගය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවා ගිය ලොව ප්‍රථම සමාගම බවට පත්වීමට ඇපල් සමාගම සමත් වේ

පසුගිය සදුදා දිනයේදී Apple සමාගමේ කොටස් වල අගය 3%කින් ඉහල ගිය අතර ඒ සමග ඔවුන්ගේ වෙළෙඳපොල කොටසක අගය ඩොලර් 182.88 දක්වා වැඩිවිය. මෙයත් සමගම ඔවුන් වෙළෙඳපොල කොටස් වල වටිනාකම ට්‍රිලියන 3 ඉක්මවූ ලොව පළමු සමාගම බවට පත් වීමේ අවස්ථාව උදාකරගන්නා ලදී.

පසුගිය කාල සිමාව පුරාවටම Apple සමාගම ඔවුන්ගේ කොටස් වල වටිනාකම් එක දිගට වැඩිකරගත් අතර ඔවුන් ට්‍රිලියන 1ක සීමාව ඉක්මවා ගියේ 2018 වසරේ අගෝස්තුවේ දීය. එලෙස 2018 දී ඔවුන් එම අවස්ථාව හිමි කරගත්තේ ඇ.ඩො. ට්‍රිලියන 1හි වෙළෙඳපොල වටිනාකම් සීමාව ඉක්මවා ගිය ප්‍රථම ඇමෙරිකානු සමාගම ලෙසටයි.

ඉන් දෙවසරක කාල සීමාවක් තුලදී එනම් 2020 වසරේ අගොස්තුවේදී ඔවුන් වෙළෙඳපොල වටිනාකම ට්‍රිලියන 2 පසු කිරීමට සමත් විය. ඉන් මාස 17ක් වැනි කෙටි කාලයක් තුලදී ඔවුන් ට්‍රිලියන 3 පසු කල ලොව පළමු සමාගම බවට පත්විය.

2007 වසරේ සමාගම අරඹන විට සහ දැන් අවස්ථාව සලකන විට ඔවුන් 5800% ගුණයකින් ඔවුන්ගේ වත්කම් වැඩිකර ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් පසුගිය වසරේ ඔවුන් අනෙකුත් සමාගම් වලට වඩා අඩු දළ වර්ධන වේගයක් පෙන්වූවත්‌‌ ඔවුන් වසරේ මුල් සතිය තුලම මෙම ඉලක්කය ලගා කර ගැනීමට සමත්විය.

මේ වන විට Microsoft සමාගමේ වෙළඳපල අගයද ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.6 ඉක්මවා ඇති අතර නුදුරු අනාගතයේ දිනකදී Microsoft සමාගමද ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3 සීමාව පසු කරන ලද සමාගම අතරට එක්වනු ඇත.

The Economics Timesහි සඳහන් වන ආකාරයට ලොව ඇති රටවල් 186ක දළ දේශීය නිෂ්පාදිතය එකින් එක ගත් කල ඒවාහි අගය ඇපල් සමාගමේ වෙළඳපල අගයට වඩා අඩු අතර ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ජපානය සහ ජර්මනිය යන රටවල් 4 පමණක් ඇපල් සමාගමට වඩා ඉදිරියෙන් සිටී.

Sources: The Economics Times, Aljazeera

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna