5G වලින් බල ගැන්වෙන Apple උපාංග කොළොම්බියාවේ තහනම් කර​යි

5G වලින් බල ගැන්වෙන Apple උපාංග කොළොම්බියාවේ තහනම් කර​යි

Ericsson පේටන්ට් නඩුවේ Apple නිෂ්පාදන විසින් Ericsson සතු පේටන්ට් බලපත්‍රයක් උල්ලංඝණය කරන බවට කොලොම්බියාවේ අධිකරණය විසින් පසුගිය දිනක තීන්දු කරනු ලැබුවා. ඒ හේතුවෙන් කොලොම්බියා අධිකරණය විසින් 5G iPhone සහ iPads එරට තුල අලෙවි කිරීම තහනම් කරනු ලැබුවා.

Ericsson සමාගමට පක්ෂව කොලොම්බියා හී Bogota අධිකරණය විසින් Apple සමාගම 5G පේටන්ට් බලපත්‍රය උල්ලංඝණය කළ බවට චෝදනා ඉදිරිපත් කල අතර Bogota අධිකරණය Apple 5G hardware තුළින් 2019 Ericsson පේටන්ට් බලපත්‍රයක්ද උල්ලංඝණය කර ඇති බවට තීන්දු කරනු ලැබුවා. Ericsson සමාගම විසින් 2022 මැයි මාසයේදී ඩොලර් 50,000 ක බැඳුම්කරයක් පළ කල අතර ඉන්පසුව කොලොම්බියාවෙහි Apple අනුබද්ධිත සමාගමට බලපාන මූලික වාරණ නියෝගයක් එම අධිකරණය විසින් පසුගිය සතියේදී නියෝග කරනු ලැබුවා.

යම්කිසි ආකාරයකින් පේටන්ට් බලපත්‍රයක් උල්ලංඝණය කරන ඕනෑම නිෂ්පාදනයක් ආනයනය කිරීම, විකිණීම, ප්‍රචාරණය කිරීම හෝ වාණිජකරණය කිරීම අධිකරණ වාරණ නියෝගය මගින් විශේෂයෙන් තහනම් කරනවා. මෙම වාරණ නියෝගයට අනුකූලව Apple සමාගම කටයුතු කරන්නේද යන්න සහතික කිරීමට Bogota අධිකරණය විසින් එරට නියාමන බලධාරීන්ට ද දැනුම් දී තිබෙනවා. මෙම නියෝගය හේතුවෙන් Apple සමාගම ටෙක්සාස්හි අධිකරණයක ඊට ප්‍රතිවිරුද්ධව නඩුවක්ද ගොනු කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් Apple සමාගම පවසන්නේ කොලොම්බියානු වාරණ නියෝගය මගින් මුදල් ගෙවීමේදී Apple සමාගම හට වැඩි බලපෑමක් ඇති කිරීමට Ericsson සමාගමට හැකි වන බවයි. තවද Ericsson සමාගම විසින් Apple සමාගමට දඩ මුදල්, ගාස්තු, දඬුවම් සහ වියදම් සදහා යම් කිසි වන්දියක් ගෙවිය යුතු බවටද Apple සමාගම විසින් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටිනවා.

Source: Gizmochina

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara