Apple සමාගමේ නවතම 35W Dual USB-C port Power Adapter එකෙහි ඡායාරූප අන්තර්ජාලයට නිකුත් ​වේ

Apple සමාගමේ නවතම 35W Dual USB-C port Power Adapter එකෙහි ඡායාරූප අන්තර්ජාලයට නිකුත් ​වේ

Apple සමාගම විසින් නිල වශයෙන් නිකුත් නොකළ 35W Dual-port Power Adapter එක පිළිබඳ තොරතුරු කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. Webio පරිශීලක WHYLAB විසින් පවසා ඇත්තේ මේ Dual Port Charging Adapter එක Variants 5ක් පමණ නිෂ්පාදනය කර ඇති බවයි.

මීට පෙර, Apple සමාගම විසින් 35W Dual USB-C Port Power Adapter සඳහා Support Page එකක් නිකුත් කළ අතර එය ඉක්මනින් ඉවත් කර ගනු ලැබුවා. මේ පිළිබඳ බොහෝ තොරතුරු හෙළි වී ඇත්තේ මේ Support page එක නිකුත් කර ඉවත් කිරීමෙන් දින කිහිප‍යකට පසුවයි. මෙයට Gallium Nitride (GaN) තාක්ෂණය භාවිතා කරන අතර GaN නොවන මාදිලිවලට වඩා Heat Efficiancy එක වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.

මෙහි Heat Efficiancy එක වැඩි වීම නිසා, පරිශීලකයන් විසින් Apple iPhones සහ Mac Books රත් වේ යැයි අනවශ්‍ය බියක් ඇති කරගත නොයුතු වනවා. මෙය USB PD තාක්ෂණයෙන් සමන්විත නිසා Dual Port වුවත් Fast Charging සඳහා සහාය දක්වන බවත් සඳහන් වෙනවා.

ඇමෙරිකාව, එංගලන්තය, ඉන්දියාව වැනි රටවල මේ Adapter එකට බොහෝ ඉල්ලුමක් ඇතිවිය හැකි බව බොහෝ දෙනා පවසනවා. කෙසේ වෙතත් 35W Dual USB-C Port Power Adapter එකහි මිල ගණන් සහ නිකුත් කරන දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නැති අතර මෙසේ වූ තොරතුරු නිකුත් වීම් පිළිබඳ සලකා බැලූ විට නුදුරේදීම මේ Apple 35W Dual USB-C Port Power Adapter එක නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි වනවා.

Source: Gizmochina

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara