නව Apple Watch එක සමඟ Power Adaptor එකක් ලබා නොදීමට Apple සමාගම කටයුතු කරයි, මීලඟට iPhone 12ද?

නව Apple Watch එක සමඟ Power Adaptor එකක් ලබා නොදීමට Apple සමාගම කටයුතු කරයි, මීලඟට iPhone 12ද?

ඊයේ දිනයේදී පැවතුන Apple සමාගමේ Time Flies event එක හරහා ඔවුන් විසින් නවතම Apple Watch series 6 එක සහ Apple Watch SE නමින් Apple Watch දෙකක් එලි දැක්වූවා. මෙහිදී නිකුත් උන Apple Watch Series 6 එක Apple Watch Series 5 එකට සමාන design එකකින් යුක්ත වන අතර ඊට වඩා වැඩි දියුණු කරන ලද අලුත් විශේෂාංග රැසක් ඇතුලත් කර තිබෙන බව මීට පෙර ගෙන ආ ලිපියකින් ඔබව අප දැනුවත් කලා.

මේ කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි. මීට පෙර iPhone 12 ගැන වාර්තා වුන iPhone 12 සමඟ charger එක සහ earbuds ලබා නොදීමේ කටකතාවක් පැතිර ගියා. එම කටකතාව සත්‍යක් වීමේ පෙරනිමිත්තක් පලකරමින් ඊයේ නිකුත් වුන Apple Watch සමඟ වෙනදා Apple Watch වෙත ලබාදෙන 5W power adaptor එක ඇතුලත් වී තිබුණේ නෑ. ඒ වෙනුවට Apple සමාගම විසින් ලබා දී තිබුණේ ඔබගේ පරිඝණකයට USB ports හරහා පහසුවෙන් සම්බන්ධ කල හැකි magnetic charging cable එක සහ Apple Watch එක අතේ බැඳීම සඳහා භාවිතා කරන strap එක පමණි.

Apple සමාගම ඇයි power adaptor එක ලබා නොදෙන්න තීරණය කලේ?

Apple සමාගම විසින් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ තිරසාර පාරිසරික අරමුණු ලඟා කර ගැනීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් බවයි. Apple සමාගම 2030 වන විට carbon-free මට්ටමට ලඟා වීමට උත්සාහ කරන අතර ඒ සඳහා නිෂ්පාදකයාගේ සිටම එය ලඟා කරගැනීමට ඔවුන් උත්සාහ කරයි.

“As part of our efforts to reach our environmental goals, Apple Watch Series 6, Apple Watch SE, Apple Watch Series 3, and Apple Watch Nike (not just the new variants) do not include a power adapter. Please use your existing Apple Watch power adapter or add a new one before you check out”

මෙම ප්‍රකාශයට අනුව Apple සමාගම විසින් iPhone 12 series එක සමඟ power adaptor එකක් ලබා නොදෙන බවට පැතිර යන කට කතා යම්තාක් දුරකට සනාථවේ. දැනට lightning adapter එකක් ඇති අයට එය භාවිතා කිරීමට හැකිය,

නමුත් මෙහිදී ඇතිවන ප්‍රශ්නය වන්නේ බොහොමයක් iPhone හිමියන් සතුව පවතින්නේ 5W වර්ගයේ power adaptor වන අතර එමඟින් බැට්‍රි ආරෝපණය සිදුවන්නේ සෙමින් වන අතර ඇතැමෙකුට 18W USB-C power adaptor එකකට upgrade වීමට අවශ්‍ය වීමයි. යම් හෙයකින් iPhone 12 සමඟ power adaptor එකක් ලබා නොදුනහොත් 5W power adaptor එකක් සඳහා $19ක්ද, 18W power adaptor එකක් සඳහා $29ක්ද වෙනම ගෙවීමට සිදු වේ. එමෙන්ම 20W fast-charger එකක් ගැනද මේ වන විට තොරතුරු ලැබේ.

යම් හෙයකින් Apple සමාගම විසින් iPhone 12 series එකෙන්ද power adaptor එක ඉවත් කර වෙනම මිලදී ගැනීමට සැලැස්සුවහොත් එයට ඔබගේ ප්‍රතිචාරය කෙසේද? පල්ලෙහයින් කමෙන්ට් එකක් දාන්න. අපි අළුත්ම කමෙන්ට් සෙක්ශන් එකක් ගෙනාවා ඔයාලට ඒකට.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna