2021 අවසාන කාර්තු​වේ වෙළඳපලේ වැඩිම ජංගම දුරකතන ගණන​ක් විකුණූ සමාගම බවට Apple සමාග​ම පත්​වේ

2021 අවසාන කාර්තු​වේ වෙළඳපලේ වැඩිම ජංගම දුරකතන ගණන​ක් විකුණූ සමාගම බවට Apple සමාග​ම පත්​වේ

ජංගම දුරකතන වෙළඳපලේ 2021 වර්ෂයේ අවසාන කාර්තුවේදී ලොව වැඩියෙන්ම ජංගම දුරකතන අලෙවි කල දුරකතන නිෂ්පාදන සමාගම ලෙස Apple සමාගම පත්ව තිබෙනවා. එම වසරේ තෙවන කාර්තුවේදී දෙවන ස්ථානය හිමි කරගෙන සිටි Apple සමාගම, එවර පළමු ස්ථානයට පත්ව තිබූ Samsung සමාගම පසු කරමින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මේ සඳහා හේතු වී තිබෙන්නේ iPhone 13 මාදිලියේ ජංගම දුරකතන වලට ඇති වූ අධික ඉල්ලුමත් සමඟයි.

Apple සමාගම මෙවැනි විකුණුම් වාර්තාවක් ලබා ගැනීමට සමත් වූයේ ලොව පුරාම පවතින චි හිඟය අතරතුරෙදී වීමත් විශේෂත්වයක්වනවා. මෙම චිප්සෙට් හිඟය අනෙකුත් දුරකතන නිෂ්පාදකයන්ටද දැඩිව බලපා ඇත. ඒ කෙසේ වුනත් එම අභියෝගයට සාර්ථකව මුහුණු දෙමින් Apple සමාගම තම විකුණුම් අගය ඉහල නංවා ගැනීමට සමත් වීම නම් විෂමයක් බව වෙළඳ පල විශෙලේෂකයන් ප්‍රකාශ කර සිටිනවා.

2021 වර්ෂයේ පළමු, දෙවන සහ තෙවන කාර්තු වල ප්‍රථම ස්ථානය රැක ගැනීමට සමත් වූ Samsung සමාගම මෙවර දෙවන ස්ථානයට පත් වූවත් එය ඉතාමත් සුළු ප්‍රතිශතයකින් සිදු වූවක් බව වාර්තාවට අනුව දැක්වෙනවා. 2020 වර්ෂයේදීද අවසාන කාර්තුවේදී Apple සමාගම Samsung සමාගම අභිබවමින් ඉදිරියට පැමිණි අතර එහිදී සමාගම දෙක අතර ප්‍රතිශතාත්මක වෙනස 6%ක් පමණ වුවත් මෙවර එය 2% වැනි සුළු අගයක් වී ඇත. සෑම වසරකම අවසාන කාර්තුවේදී Apple සමාගම මේ ආකාරයට පළමු ස්ථානයට පත් වන්නේ සැප්තැම්බර් මාසයේදී එලිදක්වන ඔවුන්ගෙ නවතම ජංගම දුරකතන මාදිලිය නිසා වන අතර ඉන්පසුව නැවතත් ඔවුන් සුපුරුදු පරිදි තම අඩිය පිටුපසට තබනු ලබනවා.

කෙසේ වෙතත් 2020 අවසාන කාර්තුවේදී Xiaomi, Oppo සහ Vivo සමාගම ලබාගෙන තිබූ වෙළඳපල කොටස ඉක්මවා යෑමට එම සමාගම් සමත් වී ඇති අතර Oppo සහ Vivo සමාගම 1% බැගින් තම වෙලඳපල කොටස අහිමි කරගෙන තිබෙනවා. නමුත් ඔවුන් තවමත් ලොව වැඩිම දුරකතන අලෙවි කල සමාගම් වල ලැයිස්තුවේ ප්‍රථම ස්ථාන 5 අතර රැදී සිටීමට සමත්ව තිබෙනවා.

?
විශ්ලේෂකයන්ට අනුව 2022 වර්ෂයේ මැද භාගය වන තුරුම චිප් හිඟය පවතිනු ඇතැයි වාර්තා වනවා.

Source: Canalys

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara