M3 chipset එකෙන් බැල ගැන්වෙන MacBook Air එලිදැක්වීමට Apple සමාගම කටයුතු කර​යි

M3 chipset එකෙන් බැල ගැන්වෙන MacBook Air එලිදැක්වීමට Apple සමාගම කටයුතු කර​යි

Apple සමාගමේ Macbook Air එක කියන්නෙ ලෝකයේ වැඩියෙන්ම විකිණෙන ඉතා ජනප්‍රිය Laptop මාදිලියක්.

2020 අවුරුද්දෙ Apple සමාගම එයාලගෙ සියලුම computers වලට Apple සමාගමේම Architecture එකකින් අලුත් Processor එකක් එලිදැක්වුවා. ඒ තමයි M1 Silicon Chip එක. මේ chip එක යොදලා Macbook Air සහ Macbook Pro විදිහට devices දෙකක් market එකට දැම්මා. ඒ වගේම මේ chip එක ගොඩක් fast සහ efficient වුන නිසා content creators ලා වගේම students ලා අතරෙ MacBook Air එක ජනප්‍රිය වුනා. ඒවගේම මේකෙ 2nd generation එක Macbook Air M2 chip එක 2022 අවුරුද්දෙ Apple සමාගම නිකුත් කලා. 

ඉතින් M3 Macbook Air අලුත්ම 3rd generation එක මීට දින කීපයකට කලින් Apple සමාගම නිවේදනය කලා. 

M1 Macbook Air එකේ සහ M2 Macbook Air එකේ design එක සහ features වල ලොකු වෙනසක් තිබුණා. ඒ තමයි type c charging වෙනුවට magsafe ලබාදීම, display notch හා facetime camera එකේ upgrade වගේ දේවල්. නමුත් M3 Macbook Air එකේ වෙනසකට තිබුණේ අලුත්ම M3 Chip එකට Upgrade කිරීම පමණයි. 

M3 chip එක ගැන කිවහොත් මෙය M1 chip එකට වඩා 60% fast. ඒවගේම 13inch සහ 15inch ලෙස macbook sizes දෙකක් Apple සමාගම එලිදැක්වුවා. M3 Macbook Air එකෙහි battery එක වරක් charge කරලා පැය 18 කට අධික කාලයක් භාවිතා කරන්න පුලුවන්. ඒවගේම මෙහි WIFI 6E පහසුකම සහ external displays දෙකකට සම්බන්ධ කරගෙන පාවිච්චි කරන්නත් පුලුවන්. 

විශේෂයෙන්ම M3 chip එකේ GPU upgrade එක නිසා කලින් generation වලට වඩා smooth graphic rendering tasks කිරීමේ හැකියාව මෙයට ලැබිලා තියෙනවා. 

Apple සමාගම එයාලගෙ අනිත් Mac මාදිලිවලටත් මේ අවුරුද්දෙදි M3 chip එකට upgrade කිරීමට ඉඩකඩ තියෙනවා.

ඒවගේම අලුත් generation එක නිකුත් කරනවත් එක්ක අවුරුදු 4 ක් පුරාවට Apple සමාගම sell කරපු M1 Macbook Air එක discontinue කරනු ලැබුවා.

Source: apple.com/newsroom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara