M2 chip එකෙන් බල ගැන්වෙන නව MacBook Air සහ Pro මාදිලීන් එලිදැක්​වේ

M2 chip එකෙන් බල ගැන්වෙන නව MacBook Air සහ Pro මාදිලීන් එලිදැක්​වේ

Apple විසින් ඔවුන්ගේ Entry level laptop පරිගණක මාදිලිය වන MacBook Air මාදිලිය නව මුහුණුවරකින් එලිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. මෙය Apple සමාගම විසින් WWDC22හිදී එලිදක්වනු ලැබූ Apple Silicon M2 chipset එකෙන් බල ගැන්වෙන අතර දිගුකාලයක් පුරාවට MacBook Air මාදිලිය සතුව තිබූ tapered edge එක ඉවත් කර, අවසානයට එලිදක්වනු ලැබූ MacBook Pro මාදිලීන් වල ඇතුලත් වුනු notch එක එකතු කරමින් නවතම හැඩයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මෙය Apple Silicon chipset එකෙන් බලගැන්වෙන දෙවන MacBook Air මාදිලිය වන අතර, Intel processors භාවිතාව නවතා දමා Apple Silicon සඳහා සංක්‍රමණය වීමේ ක්‍රියාවලියේ දෙවන වසරේදී නිකුත් වුනු ප්‍රථම මාදිලිය වනවා. නමුත් මෙවර එලිදක්වනු ලැබූ MacBook Air මාදිලිය පෙර එලිදක්වනු ලැබූ MacBook Air මාදිලි වලට වඩා බෙහෙවින් වෙනස්කම් දරණ මාදිලියකි. මෙවර MacBook Air එක මිලිමීට​ර් 11ක ගණත්වයෙන් යුතු වනවා. ඒ හරහා පෙර පැවති design එකට වඩා 20%කින් MacBook Air එකෙහි ගණත්වය අඩු කරගැනීමට Apple සමාගම සමත්ව තිබෙනවා.

නවත ම MacBook Pro මාදි ලි සමඟින් නැවත වතාවක් කරලියට පැමිණි MagSafe charging පහසුකම මෙවර MacBook Air මාදිලි සමඟ ඇතුලත් කර ඇති අතර Magic keyboard එකකින් සමන්විත වන මෙම උපාංග සඳහා Touch ID ඇතුලත් වන power button එකකින් බල ගැන්වෙඅනවා. Apple සමාගම විසින් ප්‍රකාශ කරන ආකාරයට නව MacBook Air සමඟින් පැය 18ක අඛණ්ඩ video playback කාලයක් ලබා දෙනු ලබනවා.

මීට පෙර නිකුත් වූ MacBook Air වල ඇති අඟල් 13.3ක තිරය වෙනුවට මෙවර අඟල් 13.6ක තිරයක් ඇතුලත් කර ඇති අතර ඒ සඳහා Apple සමාගම විසින් භාවිතා කර ඇති උපායමාර්ගය වන්නේ  display bezzels පෙරට ව​ඩා සිහින් කිරීමයි. එමෙන්ම display එක තුල notch එකක් අඩංගු වන අතර ඒ තුල 1080p වෙබ් කැමරාවක් ඇතුලත් කර තිබෙනවා.

Apple සමාගම විසින් අලුතෙන් හදුන්වාදුන් M2 Chipset එක මඟින් පෙර පැවති Intel MacBook Air මාදිලි වලට වඩා නව MacBook Air මාදිලීන් 5 ගුණයක වේගයකින් ක්‍රියාත්මක වන අතර, M1 මඟින් බල ගැන්වෙන මාදිලීන් වලට වඩා 40%ක ගුණයක වේගයකින් ක්‍රියාකරනු ලබන බව Apple සමාගම විසින් ප්‍රකාශ කර සිටියා.

නව MacBook Air එක සඳහා වන charger එක USB-C මාදිලියේ ports දෙකකින් සමන්විත වන charger එකකින් සමන්විත වන අතර එය 67W බලයකින් යුතු වනවා. ඒ හරහා විනාඩි 30කදී බැටරිය 50%කින් ආරෝපණය කිරීමේ හැකියාව ලබා දීමට Apple සමාගම සමත්වී තිබෙනවා.

සද්ද නැතුව එලිදැක්වූ MacBook Pro

මෙවර Apple සමාගම විසින් MacBook Air මාදිලීන් silver, space gray, starlight, midnight යන වර්ණ 4කින් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර ආරම්භක මාදිලියේ මිල ඇමරිකානු ඩොලර් 1,199කට මිල කර තිබෙනවා. මේත් සමඟම M2 chipset එක මඟින් බල ගැන්වෙන අඟල් 13 MacBook Pro මාදිලීන්ද එලි දැක්වුනු අතර එහි මිල ඇමරිකානු ඩොලර් 1,299කට මිල කර තිබෙනවා. මෙවර MacBook Pro වෙනුවෙන් ඉඩකඩ ලබා දුන්නේ සුලු වේලාවක් වන අතර විස්තර සඳහන් කලේද ඉතාමත් අඩුවෙනි.

නව MacBook Pro මාදිලීන් සතුව පැය 20ක Video Playback කාලයක් සතුවන අතර RAM ධාරිතාවව 24GB දක්වා සහය දක්වනු ලබනවා. එමෙන්ම Storage එක 2TB දක්වා සහය දක්වනු ලබන අතර පෙර පැවති touch bar විශේෂාංගයද මේ සමඟින් ඇතුලත් කර තිබෙනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara