ප්‍රංශය විසින් iPhone 12 වෙත පැනවූ තහනම ඉවත් කරගන්නා ලකුණු

ප්‍රංශය විසින් iPhone 12 වෙත පැනවූ තහනම ඉවත් කරගන්නා ලකුණු

ඔබ මේ වන විටත් දැනුම්වත් ඇති ප්‍රංශ රජය විසින් ප්‍රංශය තුළ iPhone 12 මාදිලිව අලෙවි කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බව. මේ සඳහා හේතු වුයේ ඔවුන් විසින් ජංගම දුරකථන 141ක් යොදා ගෙන කරන ලද අහඹු පරික්ෂණයකදී iPhone 12 මාදිලිය විසින් සම්මත electromagnetic radiation ප්‍රමාණයට වඩා 40% වැඩිපුර විකිරණ ප්‍රමාණයක් නිකුත් කරන බව සොයා ගැනීමත් සමඟයි.

ඒ අනුව ප්‍රංශ රජයේ ANFR ආයතනය විසින් Apple සමාගම වෙත දැනුම් දී තිබෙන්නේ Software Update එකක් හරහා හෝ මෙම ගැටලුව විසඳා ගැනීමට නොහැකි නම් මේ iPhone 12 මාදිලිව නැවත කැඳවිය යුතු බවයි.

කෙසේ නමුත් Apple සමාගම විසින් මේ චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් දක්වා සිටින්නේ iPhone 12 මාදිලිය ඔස්සේ 0.99 W/kg තරම් අඩු SAR අගයකුයි. ඒ වගේම මේ ගැටලුව නිවරඳි කිරීමට iPhone 12 මාදිලිය සඳහා Software Update එකක් ලබා දීමට Apple සමාගම සුදානමින් සිටින බවට ප්‍රංශ ඩිජිටල් අමාත්‍යවරයා වෙත Apple සමාගම සහතික වු බවට ඔහු විසින් දක්වා තිබෙනවා.

Apple සමාගම විසින් වැඩි දුරටත් දක්වා තිබෙන්නේ ​මේ ගැටලුව ඇති වීම සඳහා බලපා ඇත්තේ ප්‍රංශ ANFR ආයතනය විසින් මේ පරික්ෂණය සඳහා භාවිත කළ විශේෂ testing protocol එක බවත්, ඒ සඳහා iPhone 12 මාදිලිය සහාය නොදැක්වීම බවයි. ඒ අනුව මේ විශේෂ testing protocol එක සඳහා අනුකුල වීමට Software Update එකක් ප්‍රංශය සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් දක්වා තිබෙනවා.

ඒ අනුව Apple සමාගමට Software Update එකක් ඔස්සේ මේ ගැටලුව විසඳීම සඳහා සති දෙකක කාලයත් ලැබී තිබෙන අතර ඉන් අනතුරුව ප්‍රංශය විසින් මේ වන විට පනවා ඇති තහනම ඉවත් කිරීම පිළිබඳව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara