මිලෙන් අඩු Vision Pro Headset එකක් නිෂ්පාදනය සඳහා Apple සමාගම සුදානම් වේ

Apple සමාගම විසින් පසුගිය දිනක ලබා ගෙන තිබෙන නවතම Patent බලපත්‍රයකට අනුව Vision Pro Headset එකට වඩා අඩු මුදලකට නිෂ්පාදනය කළ හැකි AR/VR Headset එකක පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

මිලෙන් අඩු Vision Pro Headset එකක් නිෂ්පාදනය සඳහා Apple සමාගම සුදානම් වේ

‌‌තාක්ෂණික ලොව උඩුයටිකරැ කරමින් පසුගිය WWDC 2023 Event එකේදී Apple සමාගම විසින් Vision Pro නම් Mixed-reality Headset එක එළිදැක්විම සිදු කළ අතර ඒත් සමඟ මේ සඳහා බොහෝ දෙනාගේ අවධානය යොමු වුවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අපට වගේම ලොව බොහෝ දෙනාටත් ගැටලුවක් බවට පත් වුණේ මෙහි මිලයි. Apple සමාගම විසින් මෙය එළිදැක්වනු ලැබුවේ ඩොලර් 3499 ක වැනි ඉතා ඉහළ මිලකටයි. මෙය Apple සමාගම විසින් මෙතෙක් එළිදැක්වනු ලැබු මිලෙන් ඉහළම Product එකත් වනවා.

Apple සමාගම විසින් පසුගිය දිනක ලබා ගෙන තිබෙන නවතම Patent බලපත්‍රයකට අනුව Vision Pro Headset එකට වඩා අඩු මුදලකට නිෂ්පාදනය කළ හැකි AR/VR Headset එකක පිළිබඳව තොරතුරු අන්තර්ජාල තුළ වාර්තා වනවා.

Image Source - Gaming Deputy

මේ තොරතුරුවලට අනුව මෙය හිසෙහි පැළදිය හැකි Display එකකින් යුතු Vision Pro Headset එකට වඩා ප්‍රමාණයෙන් කුඩා iPhone එක සඳහා සම්බන්ධ කළ හැකි Head-mounted display (HMD) Accessory එකක් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. එනම් Vision Pro AR/VR Headset එකේ Mini / Budget Version එකක් ලෙස මෙය අපට නම් කරන්න පුලුවන්. එනම් මේ Headset එක ඔස්සේ iPhone එක හෝ iPad එක AR/VR Headset එකක් බවට පත් කර ගැනිමේ හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

තවමත් මේ පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා නොවන අතර ඉදිරියේදි මේ පිළිබඳව තවත් තොරතුරු වාර්තා වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. කෙසේ වෙතත් ඉදිරි අනාගතයේදී අපට අඩු මිලකට Apple සමාගම තුළින්ම AR/VR Headset එකක් මීලදී ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ‌‌

Sources: Gizmochina Gamingdeputy

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna