යතුරු පැදි එන්ජින් වල කම්පනයන් මඟින් iPhone වල කැමරා වල හානි සිදුවිය හැකි බව Apple සමාගම දන්වා සිටී

යතුරු පැදි එන්ජින් වල කම්පනයන් මඟින් iPhone වල කැමරා වල හානි සිදුවිය හැකි බව Apple සමාගම දන්වා සිටී

එදිනෙදා කටයුතු ඉටු කර ගැනිමේදි ප්‍රධාන ප්‍රවාහන මාදිලිය ලෙස යතුරුපැදි බහුලව භාවිත වෙන රටක් ලෙස ශ්‍රී ලංකාව හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම යතුරුපැදි මගින් ගමනාගමනය කියන්නේ තරමක් අනාරක්ෂිත ප්‍රවාහන ක්‍රමවේදයක් ලෙස එදිනෙදා සිදුවන රිය අනතුරු නිසාම දක්වන්න පුළුවන්.

Apple සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම Support Post එකකට අනුව ඔවුන් විසින් ඔවුන්ගේ iPhones සදහා ද යතුරුපැදි හානිකර විය හැකි බව දක්වා තිබෙනවා. ඒ අනුව ඔවුන් විසින් දක්වා තිබෙන්නේ සිලින්ඩර් ධාරිතාව වැඩි යතුරුපැදි මගින් ජනනය වෙන High Amplitude Vibrations මගින් iPhones වල Camera Setup එක සදහා හානි ඇති කළ හැකි බවයි. එනම් යතුරුපැදි මගින් ජනනය වෙන  High Amplitude Vibrations (ඉහළ විස්තාර වල කම්පන) මගින් iPhones වල Camera Performance අඩු විය හැකි වෙනවා.

දිගු කාලිනව මෙම High Amplitude Vibrationsවලට iPhones නිරාවරණය වීම ඔස්සේ iPhone එකේ Closed-loop Autofocus හා Optical Image Stabilization (OIS) Systems වලට හානි විය හැකි වෙනවා. අනවශ්‍ය ලෙස iPhone එක යතුරුපැදි මගින් කම්පනයට ලක්විම නිසා මෙය සිදු විය හැකි බව Apple සමාගම විසින් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

Source: Apple, Android Authority

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna