Apple සමාගමේ නිෂ්පාදන කටයුතු වලින් 25%ක් ඉන්දියාවට ලබා දීමේ සූදානමක් පිළිබඳ වාර්තා ​වේ

Apple සමාගමේ නිෂ්පාදන කටයුතු වලින් 25%ක් ඉන්දියාවට ලබා දීමේ සූදානමක් පිළිබඳ වාර්තා ​වේ

Apple සමාගම සිය නිෂ්පාදන කටයුතු වලින් 25% පමණ ඉන්දියාවේ සිදු කිරීමට ඉලක්ක කර ඇති බව එරට වෙළඳ අමාත්‍යවරයා විසින් පවසා තිබෙනවා.

Trade Conference එකකදී මේ බව පවසා ඇති අතර දැනටමත් නිෂ්පාදන කටයුතු 02% - 05% අතර ප්‍රමාණයක් ඉන්දියාවේ සිදු කරන බවත් ඉදිරියේදී මෙය පස් ගුණයකින් පමණ වැඩි කිරීමට අපේක්ෂිත බවත් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳ මෙලෙස පුවත් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවන, අතර මීට පෙර බොහෝ විශ්ලේෂකයන් සඳහන් කර සිටියේ මෙසේ නිෂ්පාදන කටයුතු ඉන්දියාව වෙත මාරු කිරීම 2025 දී පමණ සිදු විය හැකි බවයි. තවද ප්‍රධාන නිෂ්පාදන සමාගම වන Foxconn සමාගම තම සමාගම චෙන්නායි නගරයෙන් පිටත දක්වා පුළුල් කිරීමටත් කටයුතු සිදු වන බවට තොරතුරු වාර්තා වනවා.

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අමාත්‍ය Ashwini Vaishnaw මහත්මිය සඳුදා Twitter පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ දෙසැම්බර් මාසයේදී ඉන්දියාවෙන් Apple නිෂ්පාදන අපනයනය ඩොලර් බිලියන 1 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙම පියවර ගැනීමට Apple සමාගම මූලික වශයෙන් පෙළඹී ඇත්තේ චීනයේ බීජිං හා වොෂින්ටන් නුවර අතර ඇති නොයෙකුත් Covid-19 සීමාවන් සහ දේශපාලනික ගැටලු හේතුවෙන් බව බොහෝ මූලාශ්‍ර සඳහන් කරනු ලබනවා.

Sources: gsmarena.com reuters.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna