Apple සමාගම විසින් iPhone SE 2 එක ඉන්දියාවේදි එකලස් කිරීමට පටන්ගනී

Apple සමාගම විසින් iPhone SE 2 එක ඉන්දියාවේදි එකලස් කිරීමට පටන්ගනී

Apple සමාගම මේ වසර මුලදී මුල් iPhone SE එකේ Upgraded Version එකක් Release කරා. සමහරු එය හැඳින්වීමට කැමති iPhone SE (2020) හෝ iPhone SE 2 විදියටයි. Apple විසින් අලෙවි කරන මිලෙන් අඩු ජංගම දුරකථනය වන්නේ මේ iPhone SE එකයිි. කොහොම හරි දැන් Apple සමාගම මේ iPhone SE 2 එක ඉන්දියාවේ නිෂ්පාදනය කරන්න පටන්ගෙන තියෙනවා.

Apple සමාගමේ Manufacturer Partner වන Wistron, මේ නව iPhone SE Bengaluru ​වල Assemble කිරීමට පටන් ගෙන තියෙනවා.  මේ පුවත එන්නේ Wistron සිය ශ්‍රම බලකාය වැඩි කරමින් සිටින බවත් 2021 දී ඉන්දියාවේ එළඹෙන iPhone 12 Series එකත් ඉන්දියාවේ නිෂ්පාදනය කළ හැකි බවත් දැනගත් දින කිහිපයකට පසුවයි.

“New iPhone SE packs our most powerful chip into our most popular size at our most affordable price and we are excited to be making it in India for our local customers,"

Apple සමාගමෙන් ඉන්දියාවේ Assemble කරන ලද Tag එකත් එක්ක නව iPhone SE (2020) මිලදී ගත හැක්කේ කවදාද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් තවම ලබාදීලා නැහැ. කෙසේවෙතත්, ඉන්දියාවේ නිපදවන මෙම iPhone එක ඉදිරි සති කිහිපය තුළ මිලදී ගන්න පුළුවන් වෙයි.

iPhone SE (2020) හැරුණු විට, iPhone 11 Series එක සහ ජනප්‍රිය හා වර්ණවත් iPhone XR කියන Models Assemble කර තියෙනවා. කොහොම නමුත් 2020 දෙවන කාර්තුවේදී දැනටමත් මිලියන 10 ක් විකුණා ඇති මෙම දැරිය හැකි මිලකට තියෙන iPhone SE එක වැඩි ප්‍රමාණයක් Apple සමාගම විසින් විකිණීමට බලාපොරොත්තු වෙනවා.

Source - Zeenews

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara