Apple Silicon මාදිලියේ A14T chip එක සහිත ප්‍රථම iMac පරිගණකය ලබන වසරේ මුලදී එලිදැක්වීමට Apple සමාගම සූදානම් වේ

Apple Silicon මාදිලියේ A14T chip එක සහිත ප්‍රථම iMac පරිගණකය ලබන වසරේ මුලදී එලිදැක්වීමට Apple සමාගම සූදානම් වේ

Apple සමාගමේ annual developer conference එක වෙන WWDC event එකේදී, Apple සමාගම Intel chipsets වලින් මිදී ඔවුන්ගේම chipset එකකට අනුගත වීම ගැන ප්‍රකාශ කලා. ඒ Apple Silicon විදිහටයි. ඉතින් ඔවුන් ප්‍රකාශ කලේ Apple Silicon වලින් power වෙන පලවෙනි Mac එක 2020 අවසානය හෝ 2021 මුල් කාලය වෙද්දී නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලයි.

ඒ පලවෙනි Mac එක බොහෝවිට 13-inch MacBook Pro එකක් විදිහට බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලා වාර්තා පල වුනා. ඒ වගේම ඒ වාර්තාවෙන් පෙන්වා දුන්නා Apple Silicon වලින් බලගැන්වෙන පලවෙනි Mac එක කියලත්. China Times වලින් නිකුත් උන මේ report එක තවදුරටත් ප්‍රකාශ කරන්නේ Apple ලා A14T chip එක use කරන්නට බලාපොරොත්තු වෙනවා කියලයි. A14T කියන්නේ iMac වලට විතරක් use වෙන desktop class processor එකක්.

ඒ වගේම මේ වාර්තාවෙන් පෙන්වලා දෙන හැටියට Apple ලා ඔවුන්ගෙම GPU එකක් සම්බන්ධයෙනුත් වැඩකරමින් ඉන්නවා. දැනට ඒක codename වෙලා තියෙන්නේ ‘Lifuka’ කියන code එකෙන්. ඉතින් ඒ GPU එකත් අර කලින් කීව මේ අවුරුද්ද අග නැත්තන් ලබන් අවුරුද්ද මුල නිකුත් වෙන iMac එකට feature වීමට නියමිත වෙනවා.

මේ වාර්තාවෙන් Apple ලා Mac වලට වැඩ කරමින් යන අනිත් chips ගැනත් සඳහන් වෙනවා. වාර්තා වෙන ආකාරයට Apple Silicone එකේ mobile version එක A14X විදිහට හැඳින්වනවා වගේම අලුතින් නිකුත් වෙන MacBook Pro සහ iPad Pro වලට A14X යොදා ගැනීමට නියමිත වෙනවා.

ඉතින් මේ chips හැම එකක්ම වගේම හැදෙනවා කියන අලුත් GPU එකත් නිෂ්පාදනය කිරීම සිදු වන්නේ TSMC ආයතනයේ නිෂ්පාදනාගාර වලදීය. මෙමෙ අනව GPU එක නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන්නේ වර්තමානයේ chipset නිපදවීමට බහුල්වම භාවිතා කරන 5nm process එක වීමත් විශේෂත්වයක් විදිහට දක්වන්න පුළුවන්. එයට හේතුව වන්නේ 5nm process එක හරහා නිපදවෙන chipset වල ඇති බලශක්තිය ඉතිරි කරගැනීමේ කාර්‍යක්ෂමතාවය ඉතාමත් ඉහල අගයක් ගැනීමයි. iPhone 12 සීරිස් එකේ තියෙන A14 සහ අලුත් iPad Air එකේ තියෙන 5nm chip එක දිහා බැලුවම ඒක පුදුමයක් නෙවෙයි.

Source : MacRumors

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara