Apple සමාගම විසින් අපේක්ෂා කල තරම් යහපත් ප්‍රතිචාරයන් Apple iPhone SE 3 සඳහා ලැබී නැති බවට තොරතුරු වාර්තා වේ
![Apple සමාගම විසින් අපේක්ෂා කල තරම් යහපත් ප්‍රතිචාරයන් Apple iPhone SE 3 සඳහා ලැබී නැති බවට තොරතුරු වාර්තා වේ](/content/images/size/w1200/2022/03/apple-sees-lower-than-expected-demand-for-iphone-se-2022.jpg)
ඔබට මතක ඇති මීට සති කිහිපයකට පෙර, එනම් මාර්තු 08 වෙනි දින Apple සමාගම විසින් ඔවුන්ගේ මේ වසරේ Flagship Killer iPhone එක වෙන Apple iPhone SE 3 Device එක එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.
මෙලෙස එළිදැක්වු මේ Flagship Killer iPhone එක පිළිබඳ Apple සමාගම මෙන්ම බොහෝ විශ්ලේෂකයින් ද බලාපොරොත්තු ව සිටියේ Android පරිශීලකයන් බිලියනයක් පමණ මේ නව iPhone SE 3 Device එකත් සමග Apple ECO System එක වෙත ඇද ගැනිමට හැකියාව ලැබෙනු ඇති බවයි. එමෙන්ම මෙය එම මිල පරාසය තුල අලෙවි වෙන අනෙක් Android Smart Phones සදහාත් සැලකිය යුතු මට්ටමක බලපෑමක් සිදු කරනු ඇතැයි ද මත පළ වුවා.
කෙසේ වෙතත් වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව Apple සමාගම විසින් බලාපොරොත්තු වු තරම් ජනප්‍රියත්වයක් මෙන්ම, මේ නව iPhone SE 3 Smart Phone එක සදහා Android පරිශීලකයන්ගේ ඉල්ලුමක් ලැබි නොතිබී තිබෙනවා.
Shanghai lockdown doesn't affect the iPhone SE production. However, the new iPhone SE demand is lower than expected (the delivery status "in stock" as one of the proofs), and I cut my shipment estimation in 2022 to 15-20M (vs. 25-30M previously).
— 郭明錤 (Ming-Chi Kuo) (@mingchikuo) March 28, 2022
මේ පිළිබඳ Ming-Chi Kuo විසින් ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ සටහන් කර තිබෙන අතර ඒ තුලින් ඔහු වැඩි දුරටත් පෙන්වා දී තිබෙන්නේ Apple සමාගම අපේක්ෂිත මට්ටමට වඩා අඩු මට්ටමක ඉල්ලුමක් මේ iPhone එක සදහා පවතින බවයි. ඒ වගේම මෙම Devices එකේ shipments කිරිම්ද බලාපොරොත්තු වු මට්ටමට වඩා අඩුවෙන් පවතින බවයි වාර්තා වෙන්නේ.
Source: Gizmochina