WWDC22 event එක ජුනි මස 6 වන දින ආරම්භ වන බවට Apple සමාගම තීරණය කර​යි

WWDC22 event එක ජුනි මස 6 වන දින ආරම්භ වන බවට Apple සමාගම තීරණය කර​යි

Apple සමාගම විසින් ඔවුන්ගේ Worldwide Developers Conference (WWDC) එක සඳහා දින තීරණය කර තිබෙනවා. මෙය ඔවුන්ගේ 33වන සමුළුව වන අතර මෙමඟින් ඔවුන්ගේ නව මෘදුකාංග යාවත්කාලීන කිරීම් එළිදැක්වීම සිදුකරනු ලබනවා.

WWDC 2022 event එක ජුනි 6 සිට ජූනි 10 දක්වා ආරම්භ වන බව Apple සමාගම විසින් තහවුරු කර ඇති අතර කෙසේ වෙතත් මෙවරත් මෙය Virtual අකාරයට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙහිදී හඳුන්වා දෙන මෘදුකාංග යාවත්කාලීන කිරීම් සහ විශේෂාංග පිළිබඳව සංවර්ධකයින් සඳහා තොරතුරු ලබා දීම සහ Lab previews ලබා දීම සිදුකරනු ලබනවා. උත්සවය සම්පුර්ණයෙන්ම ඔන්ලයින් පවත්වනු ඇතත්, සීමිත developersලා සහ සිසුන් සංඛ්‍යාවකට ජුනි 6 වන දින කැලිෆෝනියාවේ කුපර්ටිනෝ හි key note එක දැක බලා ගැනීමට අවස්ථාවක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

Apple හි Developers ලාට අමතරව, ඔවුන්ගේ Swift Student challange එක හරහා Coding කිරීමට කැමති බාහිර Developers ලා සඳහාත් මෙයට සහභාගී වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ සඳහා තම​න් කැම​ති මාතෘකාව​ක් මත swift playground app project එකක් නිර්මාණය කර අප්‍රේල් 25ට පෙර ඔවුන්ගේ වෙබ් අඩවිය වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

මේ හැරුණු විට, සියලුම Apple software skins වල අලුත් versions ලෙස  iOS 16, iPadOS 16, watchOS 9, macOS 13 සහ tvOS 16 මෙම event එකේදි Apple සමාගම විසින් තොරතු​රු එළිදක්වනු ඇතයි බලාපොරොත්තු විය හැකිවනවා. ඊටත් අමතරව දැනට ලැබෙන තොරතුරු වලින් MacBook Air හෝ Apple silicon Mac Pro යන Device දෙකෙන් එකක් එළිදැක්වීම මේ event එකේදී බලාපොරොත්තු විය හැකිවනවා.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara