USB-C වෙතට යොමු වෙනවා හැර අපට වෙනත් විකල්පයක් නෑ, යුරෝපා සංගමේ තීරණ හමුවේ Apple සමාගම පසු බ​සී

USB-C වෙතට යොමු වෙනවා හැර අපට වෙනත් විකල්පයක් නෑ, යුරෝපා සංගමේ තීරණ හමුවේ Apple සමාගම පසු බ​සී

යම්කිසි කාලයක් ඔස්සේ සිදුවූ ක්‍රියාකාරීත්වයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඔක්තෝබර් මස 4 වන දින යුරෝපා සංගමය විසින් තීරණය කරනු ලැබූවේ යුරෝපා සංගමයට අයත් රටවල් තුළ 2024 වර්ෂයෙන් පසුව විකිණීමට බලාපොරොත්තු වන සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා එකම ආකාරයේ Charging Port එකක් නැතහොත් Type-C Charging Port එකක් අන්තර්ගත විය යුතු බවයි. ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා මෙම සබැඳියෙන් කියවන්න.

පසුගිය දා පැවති The Wall Street Journal's WSJ Tech Live Conference හීදී Apple සමාගමේ විධායක නිලධාරියෙකු වන Greg Joswiak විසින් සඳහන් කර ඇත්තේ යුරෝපා සංගමය විසින් සම්මත කළ එම නීතිය පිළිගැනීමට සිදුවන බවත් ඔවුන් හට වෙනත් පිළියමක් නොමැති බවත් ය. එමනිසා 2023 වසරේ සිට කුඩා ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා ප්‍රථමයෙන් Type-C Charging Port ලබා දීමට කටයුතු කරන බව ඔහු විසින් වැඩිදුරටත් පවසන ලදී.

මෙලෙස යුරෝපා සංගමය විසින් තීරණයක් ගෙන ඇත්තේ එහි සාමාජික රටවල් තුළ දුරකථන අලුතින් මිලදී ගැනීමේ දී පැරණි දුරකථන උපාංග පරිසරයට ඉවතලීම වැඩි වශයෙන් සිදුවන බවත් එම හේතුවෙන් පරිසර දූෂණය මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) හරහා සිදුවීම වේගවත් වන බවත් ය.

නමුත් වැඩිදුරටත් ප්‍රකාශ කරමින් Greg Joswiak සඳහන් කරන්නේ එලෙස ලබාගත් තීරණය පිළිගන්නා නමුත් එයට කිසිසේත් සම්පූර්ණයෙන් එකඟ නොවන බවයි. එහි දී මතු කරනු ලබන කරුණ නම් මේ වන විටත් එම අදාල රටවල් තුළ iPhone Lightning Cable භාවිතා කරනු ලබන පරිශීලකයන් විසින් මෙලෙස එකවර සිදුවන මාරුවීම් තුළදී පරිසරයට එක් කරන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය ඉතා ඉහල යනු ඇති බවයි.

මෙවන් වාතාවරණයක් යටතේ අප හට අනුමාන කළ හැක්කේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත Apple ඉලෙක්ට්‍රොනික උපාංග සියල්ලක්ම පාහේ Type-C  ආකාරයෙන් නිකුත්වීමට ඉඩ ඇති බවයි. නමුත් මෙම වෙනස්වීම යුරෝපා සංගමය විසින් නීතිය පැනවූ අදාල සංගමයේ රටවල් සඳහා පමණක් ද නැතිනම් සියලුම රටවල් සඳහා පමණක් ද යන්න පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත.

Sources: www.forbes.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara