Apple සමාගම විසින් මීළඟ Apple Watch මාදිලිය ලෙස Apple Watch 8 එළිදක්වයි

Apple සමාගම විසින් මීළඟ Apple Watch මාදිලිය ලෙස Apple Watch 8 එළිදක්වයි

Apple සමාගම විසින් ඊයේ (7) දිනයේදි පවත්වන ලද Special Live Event එකේදී ඔවුන්ගේ Watch Series එකේ අලුත්ම සාමාජිකයා වෙන Apple Watch 8 එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

මෙය Aluminum, Stainless Steel හා Titanium ලෙස මාදිලි තුනක් ඔස්සේ නිර්මාණය කර ඇති අතර Aluminum මාදිලිය Midnight, Starlight, Blue හා Product Red ලෙස වර්ණ 04කිනුත්, Stainless Steel මාදිලිය Silver, Graphite හා Gold ලෙස වර්ණ 03කිනුත්, Titanium මාදිලිය Black හා Silver වර්ණවලිනුත් ලබා ගත හැකි වෙනවා. ඒ වගේම මේ මාදිලි සදහා තෝරාගැනිමට Straps රැසක් ලබා දි තිබෙනවා.

එයට නව Temperature sensor ඇතුළත් වන අතර, Apple සමාගම පවසන්නේ "කාන්තා සෞඛ්‍යය සඳහා වන සිය කැපවීම තවත් ඉදිරියට ගෙන යන" බවයි. Series 8 හි ඔබ දරුණු මෝටර් රථ අනතුරකට ලක්ව ඇත්දැයි හඳුනා ගැනීමට motion sensors දෙකක් ද ඇතුළත් වනවා.

සමාගම පවසන්නේ මෙයට සෙල්සියස් අංශක 0.1 ක් තරම් සුළු උෂ්ණත්ව වෙනස්වීම් වුවද නිරීක්ෂණය කළ හැකි බවත් එය සෑම තත්පර පහකට වරක් ඔබේ උෂ්ණත්වය පරීක්ෂා කරන බවත්ය. ඔබේ ශරීර උෂ්ණත්වය එක රැයකින් නිරීක්ෂණය කිරීමෙන් ඔබේ ආර්තව චක්‍රය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බවත්, එය ඔසප් වන අය සඳහා ඔරලෝසුවේ circle follow feature එක වැඩි දියුණු කිරීමට භාවිතා කළ හැකි බවත්ය. සමාගම වැඩිදුරටත් පවසන්නේ මෙම දත්ත ඔරලෝසුවේම encrypt කර ඇති බවත් කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයකටවත් Apple සමාගමටවත් මේ දත්ත කියවිය නොහැකි බවත් ය.

මෙහි crash detection පහසුකම ක්‍රියාත්මක වන්නේ ඔබ රිය පැදවීමේදී පමණක් වන අතර එය ඔරලෝසුවේ පැය 18ක බැටරි ආයු කාලය ආරක්ෂා කර ගැනීමට උපකාරී වනවා. ඇපල් සමාගම විසින් low power mode එකක් හඳුන්වා දෙන අතර එමඟින් ඔරලෝසුවේ බැටරි ආයු කාලය පැය 36 දක්වා දීර්ඝ කරයි. මෙම විශේෂාංගය ඔවුන් watchOS 9 ක්‍රියාත්මක වන Series 4 සමඟින් ආරම්භ වන පැරණි ඔරලෝසු වෙතද පැමිණෙනු ඇත. මේ mode එක සක්‍රිය කිරීමෙන් always on display එක සහ auto workout tracking පහසුකමද ක්‍රියා විරහිත වනවා.

පසුගිය වසරේ Series 7  හා සසඳන විට තිරය විශාල කරන ලද තරමක් updated design එකකින් වනවා. මේ redesign එක හැරුණු විට, මෙයට ඇතුළත් වනුයේ නව විශේෂාංග කිහිපයක් පමණි.

මෙම ලිපිය Apple Special Live Event එක ඇසුරෙන් නිමැවූවකි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara