Foldable iPhone එකේ ප්‍රථම testing devices පරීක්ෂා කිරීම සඳහා Apple සමාගම කටයුතු කරයි

Apple සමාගම විසින් තම foldable iPhone එකේ testing prototypes පරීක්ෂාව සඳහා Foxconn සමාගමට ලබා දේ.

Foldable iPhone එකේ ප්‍රථම testing devices පරීක්ෂා කිරීම සඳහා Apple සමාගම කටයුතු කරයි

ජංගම දුරකතන නිපදවන සමාගම් මේ වන විට foldable දුරකතන නිපදවීමේ ප්‍රවණතාවය වැඩි කරගනිමින් සිටිනවා. මේ සඳහා මූලිකත්වය දැරුවේ Samsung සමාගම වන අතර මෙ වන විට foldable ජංගම දුරකතන නිපදවීමේ වෙළඳපලේ ඉදිරියෙන්ම සිටින්නේ Samsung සමාගම බව නොරහසකි.

Android මෙහෙයුම් පද්ධතිය මූලික කරගෙන ජංගම දුරකතන නිපදවන සමාගම් වලින් අළුතෙන්ම දෙයක් සොයාගෙන එය නිපදවීමෙන් වසරකට හෝ දෙකකට පසුව එම පහසුකම තම ජංගම දුරකතන වලට සුපිරි නව්‍යතාවයකින් යුතුව හඳුන්වාදෙන සමාගමක් ලෙස Apple සමාගම හැඳින්විය හැකියි.

මේ වෙනකොට Apple සමාගම දෙසින් අසන්නට ලැබෙන නවතම පුවත තමයි චීන සමාගමකට කරපු ඇණවුමකට අනුව පරික්ෂා කිරීම සඳහා Apple සමාගමට foldable device කිහිපයක් ලබා දීලා තියෙනවා.

Apple සමාගම මේ වන විට foldable device එකක් පිළිබඳව කටයුතු කරමින් සිටිනවාය යන්නට ලැබී ඇති හොඳම හෝඩුවාව වන්නේ චීනයේ foldable ජංගම දුරකතන නිපදවීම සඳහා වැඩි වශයෙන් අමුද්‍රව්‍ය සපයන Hon Hai (Foxconn) සහ Shin Nikko සමඟ ගිවිසුම් වලට එලඹ තිබීම. මේ වන විට testing සඳහා ලබා දී ඇති device වල testing අවසාන වූ පසුව OLED හෝ Micro LED display panel භාවිතා කරන්නේද යන්න පිළිබඳව සලකා බලනු ඇත.

Apple සමාගම මේ වන විටත් foldable phone එකකට patent ලබාගෙන එහි සංවර්ධන කටයුතු සිදු කරගෙන ගියත් තවත් වසර දෙකක්වත් යනතුරු නිල වශයෙන් මේ පිලිබඳව ප්‍රකාශයක් හෝ එලිදැක්වීමක් සිදු නොවනු ඇත.

මීට පෙර වාර්තා වුන ආකාරයට Apple සමාගම මෙම foldable device එක සඳහා අවශ්‍ය කරන display, Samsung සමාගමෙන් ලබාගෙන ඇති අතර මේ වන විට foldable iPhone ඒකේ prototype එකක් නිපදවා අවසන් වී ඇති අතර එය මේ වන විට පරීක්ෂා කිරීම සඳහා Foxconn සමාගමට යොමු කර ඇත.

ඊට අමතරව පලවන වාර්තා වලට අනුව foldable iPhone එක නිකුත් කිරීමෙන් පසුව iPad Mini නිපදවීම නැවැත්වීමට Apple සමාගම තීරණය කර ඇත.

Sources: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara