Apple සමාගම TSMC සමාගම සමඟ එක්ව ඔවුන්ගේම iPhone 5G Modem එකක් නිපදවීමට සූදානම් වේ

Apple සමාගම TSMC සමාගම සමඟ එක්ව ඔවුන්ගේම iPhone 5G Modem එකක් නිපදවීමට සූදානම් වේ

Apple සමාගම විසින් ඔවුන්ගේ Chipset සැපයුම්කරු වන TSMC සමාගම සමඟ ඇති සම්බන්ධය තවත් වැඩි කරමින් ඔවුන් සමඟ 2023දී ඔවුන්ගේම iPhone 5G Modem එකක් නිපදවීමට සූදානම් වනවා.

NikkeiAsia වෙබ් අඩවියේ වාර්තාවකට අනුව, මෙය Apple සමාගම විසින් TSMC හි 4nm Process එකට අනුව නිෂ්පාදනය කරන පළමු Modem එක වනවා. තවදුරටත් ඔවුන් විසින් ඔවුන්ගේම Radio Frequency සහ Milimeter Wave උපාංග මේ Modem එක සඳහා ඇතුළත් කරන බවත් සඳහන් වනවා. මේ පියවරත් සමඟ Qualcomm සමාගම විසින් Apple Devices සඳහා සපයන 5G Modem ලබා දීම අවසන් කරන බවත් සඳහන් වනවා.

මෙය Apple සමාගමට Qualcomm වෙත ගෙවන ගාස්තු මත වියදම් ඉතිරි කර ගැනීමට පමණක් නොව, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා එහි දෘඪාංග ඒකාබද්ධ කිරීමේ හැකියාව කෙරෙහි ඊටත් වඩා පාලනයක් ලබා ගැනීමට ඉඩ සලසනවා.

Source - Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna