A15 Bionic Chips මිලියන 100ක් TSMC සමාගමෙන් ඇණවුම් කිරීමට Apple සමාගම කටයුතු කරයි

A15 Bionic Chips මිලියන 100ක් TSMC සමාගමෙන් ඇණවුම් කිරීමට Apple සමාගම කටයුතු කරයි

Apple සමාගම විසින් එළිදැක්වීමට නියමිත iPhone 13 Series එක පිළිබඳව මේ වෙන විටත් විවිධ තොරතුරු අන්තර්ජාල තුල වාර්තා වෙමින් පවතිනවා. මේ iPhone 13 Series එක ඔවුන්ගේම A15 Bionic Chip එක මගින් බලගැන්වෙනු ලබනවා.

නවතම තොරතුරුවලට අනුව Apple සමාගම විසින් ඔවුන්ගේ 5nm A15 Bionic Chips මිලියන 100ක පමණ ප්‍රමාණයක් සදහා මේ වෙන වටිත් TSMC වෙත ඇණවුම් ලබා දි ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව Apple සමාගම විසින් ඔවුන්ගේ මිලග iPhone 13 Series එක නියමිත පරිදි කිසිදු බාධාවකින් තොරව සැපයිම සදහා සුදානම් වෙන බව දක්වන්න පුලුවන්.

ඒ වගේම Apple සමාගම විසින් මේ වසර නිකුත් වෙන iPhone 13 Series එක සදහා ඉතා ඉහළ ඉල්ලුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බව ඔවුන්ගේ මේ ඇණවුමත් සමග පැහැදිලි වෙනවා. පසුගිය වසරේ iPhone 12 Series එක සමග සසදන විට මේ වසර iPhone 13 Series එකේ නිෂ්පාදනය කටයුතු 20% කින් පමණ ඉහළ නංවන ලෙස සැපයුම්කරුවන්ට දන්වා තිබෙනවා.

එමෙන්ම Apple සමාගමේ මේ A15 Bionic Chipset එක iPhone 13 Series එක සදහාම පමණක් නොවන අතර ඔවුන් විසින් ඉදිරියේදි එළිදැක්වීමට නියමිත ඔවුන්ගේ නිෂ්පාදන සදහාත් මෙය භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. බොහෝ විට ඉදිරියේදි නිකුත් විමට නියමිත iPad Mini 6 හා iPhone SE Device එක මේ chipset එක මගින් බලගැන්වෙනු ඇතැයි තොරතුරු වාර්තා වෙනවා.

Source : Gizmochina, Wccftech

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna