Apple සමාගමේ නවතම Physical Store එක, Apple BKC ඉන්දියාවේදී විවෘත වේ

පසුගිය අප්‍රේල් 18 වෙන දින Apple සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම නිල Physical Apple Store එක ඉන්දියාවේ මුම්බායි හිදි විවෘත කරනු ලැබුවා.

Apple සමාගමේ නවතම Physical Store එක, Apple BKC ඉන්දියාවේදී විවෘත වේ

ඔබට මතක ඇති මීට පෙර අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා Apple සමාගම විසින් ඔවුන්ගේ Physical Apple Store එකක් ඉන්දියාවේ ආරම්භ කිරිමට සුදානම් වෙන බවට. ඒ අනුව පසුගිය අප්‍රේල් 18 වෙන දින Apple සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම නිල Physical Apple Store එක ඉන්දියාවේ මුම්බායි හිදි විවෘත කරනු ලැබුවා.

Image Source - Apple

Apple BKC නමින් හැදින්වෙන මේ Apple Store එකට අමතරව දිල්ලියේ ද තවත් Apple Store එකක් විවෘත කිරීමටත් ඔවුන් සුදානම් බව දක්වා තිබෙනවා.

Apple සමාගම විසින් දක්වන ආකාරයට මේ Apple BKC නම් නව Apple Store එක 100%ම පුනර්ජනනීය බලශක්තියෙන් ක්‍රියාත්මක වෙන අතර ඒ සදහා සුර්ය බලශක්තිය යොදා ගනු ලබනවා. මෙහි Apple සමාගමේ සේවකයින් 100කට අධික පිරිසක් සේවය කරන අතර ඔවුන්ට භාෂා 20 පමණ ප්‍රමාණයක් හැසිරවිමේ හැකියාවත් සහිත බව ඔවුන් දක්වා තිබෙනවා.

මේ නව Apple Store එක ඔස්සේ නවතම Apple නිෂ්පාදන මිලදී ගැනිමට, එම නිෂ්පාදනවල අත්දැකීම ලබා ගැනිමට, Apple නිෂ්පාදන සහ සේවා පිළිබඳව තොරතුරු දැන ගැනිමට මෙන්ම Apple Trade In පහසුකමත් ලබා ගැනිමේ හැකියාව ලැබෙනවා.

Sources: Apple

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna