Apple සමාගම විසින් ඔවුන්ගේ නවත​ම M3, M3 Pro සහ M3 Max chipsets එලිදක්ව​යි

Apple සමාගම විසින් ඔවුන්ගේ නවත​ම M3, M3 Pro සහ M3 Max chipsets එලිදක්ව​යි

Apple සමාගම විසින් මීලඟ පරම්පරාවේ M series chipset වන M3, M3 Pro සහ M3 Max යන නව​තම Chipset ත්‍රිත්වය එලිදක්වනු ලැබුවා. මෙම නවතම chipset සියල්ලම A17 Pro මෙන් 3nm තාක්ෂණය ඔස්සේ නිපදවා ඇති අතර එහි නවතම අංගයක් ලෙසින් Dynamic Caching නම් වන තාක්ෂණයක් GPU එක වෙත යොදාගෙන තිබෙනවා.

අනෙකුත් වතාවන් වලදී මෙන් නොව, මෙවර Apple සමාගම විසින් ඔවුන්ගේ සියළුම M series chipset සියල්ල එලිදක්වනු ලැබුවා. මීට පෙරදී M1 සහ M2 මාදිලි වලදී ඔවුන් M Pro සහ M Max යන chipset එලිදක්වනු ලැබුවේ M chipset එක එලිදක්වා මාස කිහිපයක් ගත වූ පසුවයි.

Apple සමාගම විසින් A17 Pro chipset එක හරහා iPhone 15 Pro වෙත 3nm chipset architecture එක ලබා දුන්නාක් මෙන්ම Mac සඳහාද M3 series හරහා 3nm chip architecture එ​ක ගෙන එනු ලැබුවා. මෙම නවතම මාදිලිය හර​හා,

  • GPU එකෙහි වැඩිදියුණු කිරීම් සඳහා මූලිකත්වය ගෙන ඇත.
  • Hardware-accelerated ray tracing
  • කාර්යක්ෂමතාවය වැඩි දියුණු කර ඇති අතර ඒ හරහා එක watt එකකින් M1 මාදිලියේ සිදුකෙරුණු කාර්යයන් සඳහා වැයවන බලයෙන් 1/2ක ප්‍රමාණයක් වැය ​වේ
  • M2 හි Neural Engine එකට වඩා 16%ක වේගයකින් කටයුතු කර​යි
  • RAM දාරිතාවය 128GB දක්වා ඉහළ නංවීම

යන විශේෂාංග, පහසුකම් සහ වැඩිදියුණු කිරීම ලඟා කර ගැනීමට Apple සමාගම සමත් වී ඇත.

M3

M3 Pro

M3 Max

M3 Bento Box

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara