2020 නිකුත් වීමට නියමිත iPhones වලට Snapdragon X60 5G modem භාවිතා කරන බවට තොරතුරු

2020 නිකුත් වීමට නියමිත iPhones වලට Snapdragon X60 5G modem භාවිතා කරන බවට තොරතුරු

ඉදිරියේදී නිකුත්වීමට ඇති devices වලට භාවිතා කරන 5nm වලින් නිමවෙන A14 chipset සඳහා Qualcomm සමාගම විසින් නිර්මාණය කරන Snapdragon X60 5G modem භාවිතා කරන බව Digitimes එකේ වාර්ථාවකට අනුව සකස්කල macrumors.comහි වාර්තාවක සඳහන් වන අතර මෙම මාසයේ සිට එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි. Qualcomm සමාගම විසින් Snapdragon X60 5G modem එක මෙම වසරේ පෙබරවාරී මස හඳුන්වා දුන් අතර විශේෂත්වය වන්නේ Qualcomm සමාගම විසින් තවමත් නිපදවන ඔවුන්ගේ Flagship chipset එක වෙන Snapdragon 865 එකේ භාවිතා වන්නේ X55 5G modem එකයි.

Snapdragon X60 5G modem එක නිමවෙන්නේ 5nm process node එකකින් නිසා දැනට නිපදවලා තියෙන 5G modem වලට වඩා power consumption එකේදී කාර්‍යක්ෂමතාව වැඩිවෙනවා.

නමුත් ප්‍රශ්නයකට ඉතුරු වෙන්නේ, මේ වෙනකොට Qualcomm සමාගම Snapdragon X60 5G modem announce කරා උනත් ඔවුන් පවසන විදිහට මේ මොඩම් එක දාල එන චිප්සෙට් වලින් බල ගැන්වෙන ස්මාර්ට් ෆෝන්ස් 2021 මුලදී නිකුත් වන බවයි. ඒ වගේම මේ වෙනකොටත් Apple සමාගම විසින් 2020දී වෙළඳපලට නිකුත් කිරීමට සූදානම්ව තියෙන iPhones වල specifications මේ වෙනකොටත් තීරණය කරල මාස කීපයක් වන බවට අනිවාර්‍යෙන් සිතිය හැකි බැවින් මෙම වසරේදී X60 modem iPhones තුල දකින්නට නොලැබෙයි කියල තමයි අපේ අදහස.

DigiTimes කියන විදිහට 2020 iPhones lineup එකට X60 modem එක පාවිච්චි කරයිද, එහෙම උනොත් කොපමණ කාර්‍යක්ෂමතාවයකින් iPhones වැඩ කරයිද කියල අපිට බලාගන්න පුළුවන්.

Source: macrumors.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara