Apple වෙති​න් Non-Pro iPhones සඳහාත් නව Pro Chipset ලබා දීමේ සූදානම​ක්

Apple වෙති​න් Non-Pro iPhones සඳහාත් නව Pro Chipset ලබා දීමේ සූදානම​ක්

Apple සමාගම විසින් පසුගිය ජුනි මස පැවැත්වුණ WWDC 2024 Event එකේදී ඔවුන්ගේ මේ වසර නිකුත් කිරීමට නියමිත Premium iPhone Series එක වන iPhone 16 සඳහා ලබා දීමට නියමිත iOS 18 සංස්කරණය සමඟින් ලොව පුරාම කතා බහට ලක් වු Apple Intelligence සහ තවත් නව පහසුකම් රැසක් හඳුන්වා දෙනු ලැබුවා.

එමෙන්ම iPhone 14 Series එකේ සිට ඔවුන් Pro Models නොවන iPhones සඳහා එම වසරේ නිකුත් කරන නව Chipset එක ලබා නොදී පෙර වසරේ නිකුත් වු Base Chipset එක එම Pro Models නොවන iPhones සඳහා ලබා දීම ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව පසුලිය වසර නිකුත් වු iPhone 15 Series එකෙත් Pro Models නොවන iPhone 15 සහ iPhone 15 Plus Devices සඳහා ලැබුණේ A16 Chipset එකයි.

කෙසේ වෙතත් වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Apple සමාගම විසින් නිකුත් කිරීමට නියමිත iPhone 16 Series එකේ Pro Models නොවන iPhones සඳහාත් Apple A18 Pro Chipset එකම ලබා දෙනු ඇතැයි දක්වන්න පුලුවන්.

මෙලෙස iPhone 16 Series එකම A18 Pro Chipset එකෙන් සමන්විත වනු ඇතැයි වාර්තා වීමට හේතු වි ඇත්තේ Apple සමාගමේ Backend එක ඔස්සේ වාර්තා වු Codesවලට අනුව iPhone 16 Series එකේ iPhone හතරම A18 Pro Chipset එකෙන් සමන්විත වනු ඇතැයි දක්වා ඇති නිසයි.

එමෙන්ම මෙලෙස iPhone 16 Series එක සඳහාම A18 Pro Chipset එක ලබා දීමට සුදානම් වන්නේ ඔවුන් විසින් iOS 18 සමඟ හදුන්වා දුන් Apple Intelligence පහසුකම් ක්‍රියාත්මක කිරීමට මීට පෙර නිකුත් වු Chipsetවල NPU එක ප්‍රමාණවත් නොවන නිසා බව දැක්විය හැක. ඒ අනුව මේ AI විශේෂාංගයන් iPhone 15 Series එකේ A17 Pro Chipset එකෙන් සමන්විත iPhone 15 Pro සහ iPhone 15 Pro Max සඳහා හිමිවන අතර මේ හේතුන් නිසා බොහෝ විට මෙලෙස iPhone 16 Series එක සඳහාම Apple A18 Pro Chipset එක ලබා දෙනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්.

කෙසේ වෙතත් මෙලෙස A18 Pro Chipset එක iPhone 16 Series එක සඳහාම ලබා දෙනු ඇතැයි තොරතුරු වාර්තා වුවද බොහෝ විට Apple සමාගම විසින් Pro Model iPhones සඳහා A18 Pro ලෙසත්, Non-pro iPhones සඳහා A18 ලෙසත් අඩු GPU Cores ප්‍රමාණයකින් යම් වෙනසක් සහිතව හඳුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Source: www.macrumors.com me.mashable.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara