iPhone 14 Pro මාදිලිය සඳහා 48MP කැමරාවක්ද, iPhone 15 සඳහා periscope lens එකක්​ද ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

iPhone 14 Pro මාදිලිය සඳහා 48MP කැමරාවක්ද, iPhone 15 සඳහා periscope lens එකක්​ද ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

Apple සමාගමේ Next-generation iPhone series එක වෙන, මිලග වසරේ නිකුත් විමට නියමිත iPhone 14 Series එක පිළිබඳ මේ වෙන විට විවිධ තොරතුරු අන්තර්ජාලය තුල පළ වෙමින් තිබෙනවා. ඒ අනුව පසුගිය දිනවල iPhone 14 Series එකේදි Notch එක ඉවත් කිරිමේ සුදානමක් ද පවතින බවට තොරතුරු වාර්තා වුවා.

මේ වෙ​න විට වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව Apple සමාගම විසින් මිලග වසර දෙක තුලදි ඔවුන්ගේ iPhone Series වල Camera Technology එක වැඩි දියුණු කිරිම සදහා කටයුතු කරමින් සිටින බවට දක්වන්න පුළුවන්.

ඒ අනුව iPhone 14 Series එකේ Pro model එක සදහා 48MP Camera Sensor එකක් ලබා දෙනු ඇති අතර මේ ඔස්සේ 8K Video Recoding පහසුකමත් මේ Device එකට ලැබෙනු ඇතැයි වාර්තා වෙනවා. මෙම High Resolution 8K Videos, Apple සමාගම විසින් මිලග වසරේදි නිකුත් කිරිමට සුදානමින් සිටින Apple's AR/VR Headset මගින් නැරඹිමේ හැකියාවත් ලැබෙනු ඇතැයි වැඩිදුරටත් දක්වන්න පුළුවන්.

ඒ වගේම iPhone 14 Pro Models Pixel Binning Process එක සදහා සහය දක්වනු ලබනු ඇති අතර මේ තුලින් 48MP හා 12MP Photos Capture කර ගැනිමේ හැකියාව තිබෙනවා. 48MP ඔස්සේ වැඩි ආලෝක තත්වවලදි ඡායාරූප ගැනිමටත් 12MP ඔස්සේ අඩු ආලෝක තත්වයන්වලදි ඡායාරූප ගැනිමේත් හැකියාව ලැබෙනු ඇත.

මිලග වසර දෙක තුල නිකුත් කරන iPhone Seriesවල Camera Technology එක වැඩි දියුණු කිරිමත් සමග 2023 දී නිකුත් විමට නියමිත iPhone 15 Series එක සදහා Periscope lens එකක් ලබා දෙන්න සුදානමින් සිටින බවටත් මේ වෙන විට තොරතුරු වාර්තා වෙනවා. එමෙන්ම මේ තුලින් iPhone එකේ Optical Zoom Capability එක වැඩි කරනු ඇත.

Sources: Gizmochina, MacRumors

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara