iPhone 14 සහ 14 Max දුරකතන සඳහා භාවිතා වන්නේ A15 processors බව​ට තොරතුරු වාර්තා ​වේ

iPhone 14 සහ 14 Max දුරකතන සඳහා භාවිතා වන්නේ A15 processors බව​ට තොරතුරු වාර්තා ​වේ

Apple සමාගම විසින් මේ වසරේ නිකුත් කිරීමට නියමිත iPhone 14 Series එක පිළිබඳ මේ වෙන විට විවිධ තොරතුරු අන්තර්ජාලය තුල වාර්තා වෙමින් පවතිනවා. ඒ අනුව මීට පෙර අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා මේ iPhone 14 Series එක සමගින් Non-Pro iPhone Models හා Pro iPhone Models වල Design එකේ කැපි පෙනෙන වෙනසක් සිදු වෙනු ඇති බව.

මේ වෙන විට iPhone 14 Series එක පිළිබඳ වාර්තා වෙන නවතම තොරතුරු වලට අනුව
Non-Pro iPhone Models හා Pro iPhone Models වල Design එක පමණක් නොව එහි Specifications ද බොහෝ දුරට කැපි පෙනෙන වෙනස් විය හැකි වෙන බව පෙන්වා දෙන්න පුලුවන්. ඒ අනුව iPhone 14 හා iPhone 14 Max යන Non-Pro iPhone Models දෙක පසුගිය වසර නිකුත් කරන ලද iPhone 13 Series එක බලගැන්වුණ Apple Bionic A15 Chipset එකේ ද Pro iPhone Models වෙන iPhone 14 Pro හා iPhone 14 Pro Max Devices මෙතෙක් නිකුත් නොකල Apple Bionic A16 Chipset එකෙන් ද බලගැන්වෙනු ඇතැයි දක්වන්න පුලුවන්.

මෙලෙස iPhone 14 Series එක සදහා Apple සමාගම විසින් Chipset දෙකක් භාවිත කිරිමේ අරමුණ ලෙස එය වෙළෙඳ උපක්‍රමයක් මෙන්ම මුල්‍යමය උපක්‍රමයක් බවද දක්වන්න පුලුවන්. ඒ අනුව Non-Pro iPhone Models හා Pro iPhone Models අතර බොහෝ විට පැහැදිලි මිල වෙනසක් ද අපේක්ෂා කරන්න පුලුවන්.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara