Apple iPhone 13 මාදිලියේ ජංගම දුරකතන නිල වශයෙන් ශ්‍රී ලංකාවට හදුන්වා දීම අද Genxt Store පරිශ්‍රයේ​දී

Apple iPhone 13 මාදිලියේ ජංගම දුරකතන නිල වශයෙන් ශ්‍රී ලංකාවට හදුන්වා දීම අද Genxt Store පරිශ්‍රයේ​දී

ශ්‍රී ලංකාවේ ඇපල් නිෂ්පාදන සඳහා ඇපල් සමාගම විසින් බලයලත් සමාගම විදිහට පත් කරලා තියෙන්නේ Genxt සමාගම බව අපි කවුරුත් හොදින් දන්නා කාරණාවකි. පසු ගිය දිනකදී ඇපල් සමාගම විසින් Genxt සමාගමට ලබා දී ඇති නිල බලයලත් බෙදාහැරී​මේ නියෝජිත ගිවිසුම 2022 වර්ෂය දක්වා දිගු කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ වන විට Genxt සමාගම විසින් නිවේදනය කර ඇති ආකාරයට අද දින (ඔක්තෝම්බර් 27, 2021) iPhone 13 මාදිලි වල ජංගම දුරකතන නිල වශයෙන් ඔවුන් ශ්‍රී ලංකාවට හදුන්වාදීම ඔවුන්ගේ තිඹිරිගස්යායේ පිහිටි Genxt Store පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිත​යි. ඒ පිළිබඳව ෆේස්බුක් සටහනක් තබමින් එම ආයතනය ශ්‍රී ලාංකිකයන්ට දන්වා තිබුණේ පහත ආකාරයටය.

එහි ඔවුන් විසින් සඳහන් කර ඇති ආකාරයට Genxt Store පරිශ්‍රයට පැමිණීමෙන් iPhone 13 ජංගම දුරකතන මිලදී ගැනීමට ප්‍රථමව ඒවා භාවිතා කර එහි නියම අත්දැකීම ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දීමට සූදානමින් සිටිනවා. මෙය ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට සිදු කෙරෙන අතර පාරිභෝගිකයන්ට නව අත්දැකීමක් ලබා දීම Genxt ආයතනයේ අරමුණ වනවා.

මීට අමතරව Genxt Store හරහා iPhone 13 මාදිලි මිලදී ගැනීමේදී විශේෂ වටිනා වට්ටම සහ දීමනා විශාල ප්‍රමාණයක් ලබාදීමට Genxt ආයතනය විසින් කටයුතු කර තිබෙනවා. ඒ දීමනා පිළිබඳව යුරේනි නොශිකා කරන විස්තරය පහතින් නරඹන්න.

ඒ වගේම අද දින Genxt Store වෙත පිය නඟන ඔබට වටිනා Apple AirPods 2 එකක්ද දිනා ගැනීමේ හැකියාව ඇති දිනුම් ඇදීමකට ඇතුලත් වීමේ හැකියාවද පවතිනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna