Apple iPhone 12 එලි දැකීම කල් යයි?

Apple iPhone 12 එලි දැකීම කල් යයි?

Apple සමාගමේ මීලග ප්‍රදාන iPhone හා අනෙකුත් Apple Devices එලි දැකීමට නියමිතව තිබුනේ සැප්තැම්බර් මාසයේ මුල බාගයේය. මෙය ටික කලක සිට Apple සමාගම එකම කාලාන්තරයක සිදු කරන්නෙ එක් එලිදැක්වීමක සිට පුරා වසරක් එම device වෙලදපල තුල පවත්වාගෙන යාමටයි. කෙසේ නමුත් මීලග එලි දැක්වීම වන iPhone 12 හා iPhone 12 Pro වගේම iPad , Apple Watch සියල්ලම වෙනදාට වඩා කල් යන බවක ඉගි ටිකෙන් ටික මතු වන්නේ ලොව පවතිම වාසංගත තත්වයන්ද හේතු කරගෙනයි. මුලිකව supplier chain වලින් ද පසුවම Assembly Line වලින්ද පිට පිට වාර්තා වුයේ Apple සමාගම ඉල්ලුමට සරිලන නිපැයුමක් වෙනදා මෙන් කාල රාමුවක දිය නොහැකි බව අගවමින්.

මෙය දැන් දිනයන්ද සමග Jon_Prosser නම් Apple leaker මගින් සනාථ කර ඇත්තෙ Apple Devices කැඩුනු Release ක්‍රමයකට එලිදැක්වීම හොදින් පෙන්වමිනි.

ඔහුට අනුව Apple Watch Series 6 හා Apple iPad යන Device ,September 7 එනම් මෙම වසරේ 37 වන සතිය තුල Website Refresh එකක් මගින් එලි දක්වන අතර මෙය එම මොහොතෙම Order කිරීමට හැකි වනු ඇත.


මෙමගින් එක් කරුනක් පැහැදිලිය එනම් Apple Event එකක් මගින් එලිදැක්වීමට තරම් විශාල වෙනසක් මෙම Device වල නොතිබිය හැක. නමුත් Apple Airpods Pro සම්පුර්ණ වෙනසද Website Refresh එකක් මගින් එලි දැක්වීම නිසා මේ පිලිබද හරි හැටි නිගමනයකට ඒමට නොහැක.

ඒ වගේම iPhone 12 එලි දැක්වීම Apple Event එක වෙනදා මෙන් සැප්තැම්බර් මුල් සති වල නොව, මෙම වසරේ 42 වැනි සතියේ එනම් ඔක්තොම්බර් 12 පමණ පැවැත්වීමට නියමිතව ඇත ඒ වාගේම එහිදී එලිදක්වන iPhone එකවර release නොකර වෙන් වෙන්ව සිදු කිරීමට යන බවයි වාර්තා වන්නේ.

මේ අනුව iPhone 12 Entry Level Device ඔක්තොම්බර් 12 Preorder කොට ඔක්තොම්බර් 19 ලබා ගැනීමට හැකි වනු ඇත. නමුත් iPhone 12 Pro High End Devices නොවැම්බර් මස Preorder කිරීම හා නිකුත් කිරීම සිදු කරයි.

මෙය Apple හට නව අත්දැකිමක් නොවෙයි 2017 දී iPhone X එලිදැක්වීමද නොවැම්බර් මාසක සිදු උයේ iPhone 8 හා iPhone 8 Plus මුලින් එලිදක්වමිනි. මෙයට ප්‍රදාන හෙතුව වුයේ iPhone X manufacture කිරීමට ප්‍රමාද වීමයි. මෙවරද Apple සමාගම Affordable Range iPhones වලට වැඩි ඉඩක් ලබාදී ඇත්තේ Pro Range එකට වඩා බොහෝ දෙනා අතර මේය ප්‍රචලිත බැවිනි. ඒ වාගේම කෙසේ කීවත් මේ වසරේ අග වන තෙක් iPhone ඉල්ලුමට සැපයුම ලබාදීමට නොහැකි වනු ඇති බව බොහෝ දෙනාගේ මතයයි. මේ නිසා වෙනදාට වඩා තද බදයක් iPhone ලබාගැනීමට තිබිය හැක.

මේ සියල්ල Leaks වන අතර Apple සමාගම අවසාන මොහොතේ සියලු සැලසුම් වෙනස් කිරීමට ඉතාමත් ප්‍රචලිත බැවින් මේ මාසයකට වැඩි කාලය තුල මේ තොරතුරු වෙනස් වීමට බොහෝ ඉඩ ඇත.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara