iPhone 12 Pro දුරකථනය ඉන්දියාවේදි සහ බ්‍රසීලයේදී නිෂ්පාදනයට Apple සමාගම සූදානම් වේ

iPhone 12 Pro දුරකථනය ඉන්දියාවේදි සහ බ්‍රසීලයේදී නිෂ්පාදනයට Apple සමාගම සූදානම් වේ

නව වාර්තාවක දැක්වෙන ආකාරයට, iPhone 12 Pro මාදිලිය චීනයට අමතරව ඉන්දියාවේ සහ බ්‍රසීලයේදී ළඟදීම නිපදවීම ඇරඹෙනු ඇත.

Gadgets360 හි දැක්වෙන වාර්තාවට අනුව, iPhone 12 Mini මාදිලියේ ඇත්තේ 2,227mAh තරම් වූ බැටරියකි. 2020 iPhone SE මාදිලියේ වූ 1,821mAh බැටරියට වඩා මෙය ධාරිතාවයෙන් විශාල වුවත්, iPhone 11 මාදිලියට වඩා ධාරිතාවයෙන් අඩු ය. iPhone 11 හි බැටරි ධාරිතාව වූයේ 3,110mAh පමණ ය.

Apple සමාඟම විසින් කිසි විටෙකත් නිළ වශයෙන් ඔවුන්ගේ iPhone දුරකථන වල බැටරි ධාරිතාවන් හෙළි නොකරන අතර, iPhone 12 Mini දුරකථනය එක් වරක් ආරෝපණය කර පැය පහළවක කාලයක් වීඩියෝ නැරඹිය හැකි බව හෙළි කර ඇත. iPhone 11, iPhone 12 සහ iPhone 12 Pro යන මාදිලි වල මෙම අගය පැය 17ක් පමණ වේ. නමුත්, iPhone 12 Pro සහ iPhone 12 Pro Max හි බැටරි ධාරිතාවන් ගැන තවමත් හෝඩුවාවක් නොමැත.

තවද, Apple සමාඟම මඟින් ළඟදීම ඔවුන්ගේ Flagship මාදිලියේ දුරකථන චීනයට අමතරව ඔවුන්ගේ ඉන්දියාවේ සහ බ්‍රසීලයේ පිහිටි Foxconn කර්මාන්තශාලා වල නිපදවනු ඇත. ජුලි මාසයේදී iPhone 11 මාදිලිය සහ තවත් මාදිලි කීපයක් ඉන්දියාවේ නිෂ්පාදනය ආරම්භ කර ඇත.

මේ ආකාරයට විවිධ රටවල කෙරෙන නිෂ්පාදනය කිරීම් නිසා උපාංග වල නිෂ්පාදන වියදම් අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නමුත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් ප්‍රසිද්ධියට පත් කර නොමැත. මෙම තොරතුරු වල සත්‍ය අසත්‍ය තාව පිළිබඳ විශාල විශ්වාසයක් නැතත්, අඩු වැඩි වශයෙන් සත්‍ය සහ අසත්‍ය කරුණු අඩංගු විය හැකිය.

Source - GizmoChina, NDTV

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara