AI ගේමට එන Appleලාගේ Apple Intelligence ගැන සියළු දේ සිංහලෙ​න්

AI ගේමට එන Appleලාගේ Apple Intelligence ගැන සියළු දේ සිංහලෙ​න්

Apple සමාගම විසින් ජූනි 10 වෙනිද සුපුරුදු පරිදි ඔවුන්ගේ WWDC24 (World Wide Developer Conference) event එක පැවැත්වුණා. මෙම event එක විශේෂ වෙන්නෙ වසරකට සැරයක් iOS, iPadOS සහ MacOS වැනි software සදහා අලුත් updates හදුන්වා දීමයි. 

නමුත් මේ වසරේදී Apple සමාගම පළමු වරට ඔවුන්ගේ මීලග updates සදහා Artificial Intelligence ඇතුලත් කර තිබුණා. ඔවුන් මෙය Apple Intelligence ලෙස හදුන්වා දුන්නා.

Apple Intelligence iPhone, iPad සහ Mac සඳහා හඳුන්වා දුන් අතර එය ඇදහිය නොහැකි තරම් ප්‍රයෝජනවත් ලෙස iOS 18, iPadOS 18 සහ macOS Sequoia වෙත ඒකාබද්ධ කරන්න Apple සමාගම කටයුතු කරලා තිබුණා.

Apple සමාගම අනෙකුත් සමාගම්වලට සාපේක්ෂව ටිකක් වෙනස් විදිහට Artificial Intelligence ගැන හදුන්වා දුන්නා. ප්‍රධාන අංගයක් වුනේ Private Cloud Compute සමඟින්, AI භාවිතා කිරීමේදී එහි පෞද්ගලිකත්වය සඳහා නව ප්‍රමිතියක් සකස් කර දීමයි. ඒ සදහා Apple silicon servers මත ක්‍රියාත්මක වන විශාල data processing servers භාවිතා කරන බව Apple නිවේදනය කලා. ඒවගේම A17 Pro සහ M මාදිලියේ silicon chips සදහා Artificial intelligent ක්‍රියාවලි on device processing භාවිතා කර device එකෙන් පිටතට නොයන පරිදි user data ආරක්ෂා වන ලෙස භාවිතා කිරීමටත් ඉඩ ලබා දීලා තිබුණා.

Writing tool වල මැජික් පෙන්නී​ම

Apple Intelligence විසින් පරිශීලකයින්ට ඔවුන්ගේ ලිවීම වැඩිදියුණු කිරීමට නව AI tools එක් කර තිබුණා. ඒ අනුව iOS 18, iPadOS 18, සහ macOS Sequoia තුළ ගොඩනගා ඇති නවතම system writing තුල පරිශීලකයින්ට Mail, Notes, Pages සහ Third party applications ඇතුළුව ඔවුන් ලියන සෑම තැනකම පාහේ Apple intelligence හි සහය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ අනුව class notes, blogs සටහන් වැනි writing tools පරිශීලකයින්ට Apple Intelligence භාවිතයෙන් ඔවුන් ලියා ඇති දේවල කරුණු විවිධ අයුරින් ලියා තෝරා ගැනීමට ඉඩ සලස්වනු ලබනවා. ඒවගේම නිර්මාණශීලි ලෙස වචන එක් කිරීම, නැවත ලිවීම, සාරාංශගත කිරීම, වගුවක් හෝ ලැයිස්තුවක් ආකාරයෙන් සාරාංශගත කිරීම සහ අවස්ථාවට ගැලපෙන නිවැරදි වචන ලබා දීමට උපකාරී කිරීමට මෙයට හැකියාව තියෙනවා.

Apple Mail

ඒවගේම Apple Mail සදහාද Apple Intelligence සහය දක්වනවා. උදාහරණයක් ලෙස, අද ඔයාට dinner එකකට invitation එකක් ලැබිලා තියෙනවනම්, ඒ සදහා Mail හි ප්‍රමුඛස්ථානය ලබා දීමට හැකියාව මෙහි තියෙනවා. ඒවගේම දීර්ඝ email පණිවිඩයන් සාරංශගත කර පෙලගැස්වීමටත් මේ හරහා හැකියාව ලැබෙනවා.

Image Playground

Apple Intelligence විසින් පරිශීලකයින්ට නව ආකාරවලින් සන්නිවේදනය කිරීමට AI හරහා Images generate කිරීමේ හැකියාවන් ලබාදීලා තියෙනවා. මෙය Image Playground ලෙස Apple සමාගම හදුන්වා දුන්නා වගේම මේ මගින් Messages ඇතුළු යෙදුම් තුළට images එක් කිරීමේ හැකියාව ලැබෙනවා.

Photos application

Photos application එකෙහි සෙවීම් සදහාද AI සහය දක්වනවා. පරිශීලකයට අවශ්‍යම වන images සහ videos සෙවීමට මෙය උපකාරී වෙනවා. මීට අමතරව, නව cleaning tools මගින් ඡායාරූපයක පසුබිමේ ඇති අනවශ්‍ය කොටස් හදුනාගෙන ඒවා ඉවත් කිරීමටද හැකියාව ලැබෙනවා.

0:00
/0:11

Siri

මේ වසරේ Siri සදහා විශාල ඉඩකඩක් Apple සමාගම WWDC හි වෙන් කර තිබුණා. Siri, Apple intelligence සදහා වඩාත් ගැඹුරින් ඒකාබද්ධ වලා තියෙනවා කියලා කියන්න පුලුවන්. Siri එදිනෙදා කාර්යයන් සරල කිරීමට සහ වේගවත් කිරීමට වඩාත් ස්වාභාවික ලෙස අදාළ දත්ත පරිශීලකයා වෙත ලබා දීමේ සහය එක් කරලා තියෙනවා. ඒවගේම පරිශීලකයන් වචන මත පැකිළෙන්නේ නම් සහ එක් ඉල්ලීමක සිට ඊළඟ ඉල්ලීම දක්වා පවත්වා ගෙන ගියහොත් එය නිසි පරිදි තේරුම් ගැනීමටද siri හට හැකියාව ලැබෙනවා. මීට අමතරව, පරිශීලකයින්ට Siri වෙත type කර inputs ලබාදීමට හැකියාව තියෙනව වගේම මේ මොහොතේ නිවැරදි යැයි හැඟෙන ඕනෑම ආකාරයකින් Siri සමඟ සන්නිවේදනය කිරීමට හඬ අතර මාරු වීමටද පුලුවන්. iOS 18 සදහා Siri සක්‍රියව සිටින විට display හි වටේට විහිදෙන අලංකාර elements වලිනුත් නවතම මුහුවරක් ද Siri ට එක් කර තිබෙනවා.

0:00
/0:08

Apple Intelligence හි මූලික විශේෂතාවක් වන්නේ එහි ක්‍රියාකාරකම් සදහා on device processing මත සැකසීම ට ඇති හැකියාවයි. වැඩි සැකසුම් බලයක් අවශ්‍ය වන වඩාත් සංකීර්ණ outputs ක්‍රියාත්මක කිරීම සඳහා, Private Cloud Compute මගින් cloud වලින් සහය ලබා ගන්නවා. මෙම cloud servers Apple silicon මගින් බල ගැන්වෙන servers මත ක්‍රියාත්මක වන අතර, දත්ත කිසිදා රඳවා නොගැනීම හෝ නිරාවරණය වීමට ඇති හැකියාව සහතික කිරීමට Apple කටයුතු කරන බව wwdc හිදි දැනුම් දුන්නා.

ම​ට බැරි නම් ChatGPTගෙන් අහන්නද, මීට සි​රි?

Apple විසින් iOS 18, iPadOS 18, සහ macOS Sequoia තුළ ChatGPT ප්‍රවේශයද එකතු කිරීමට Apple සමාගම අමතක කලේ නැහැ. Siri හට තමන්ගේ දත්ත ගබඩාවෙන් තොරතුරු සපයාගැනීමට අපහසු විට ChatGPT සහය ලබා ගන්නද යනුවෙන් පරිශීලකයාගෙන් අසනවා. ඒ අනුව ChatGPT 4.O සහය ලබාගැනීමට Siri ට හැකියාව පවතිනවා.

Source: apple.com/newsroom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara