USB-C Port එක Encrypt කිරීමට Apple සමාගම කටයුතු කර​යි

USB-C Port එක Encrypt කිරීමට Apple සමාගම කටයුතු කර​යි

යුරෝපා සංගමය විසින් 2024 වසරේ සිට සෑම ඉලෙක්ට්‍රෝනික උපාංගයකම Charging Port එක ලෙස USB Type C Port එකක් තිබිය යුතු බවට මීට පෙර එකගතාවයකට පැමිණි බවට අප විසින් ඔබ වෙත තොරතුරු ගෙන ආවා. ඒ අනුව Apple සමාගම විසින් මීලග නිකුත් කිරිමට නියමිත iPhone 15 Series එක සමගින් ඔවුන්ගේ Lightning Port එක USB Type C Port එක මගින් Replace කිරිමට නියමිත වනවා. කෙසේ වෙතත් මෙය මෙතෙක් කල් Lightning Port එක මගින් iPhone සදහා තිබු එක් අනන්‍යතාවයක් අහිමි යාමක් ලෙස සදහන් කරන්න පුලුවන්.

Apple සමාගම විසින් දැනටමත් ඔවුන්ගේ නවතම iPads සහ Macs සදහා USB Type C Port භාවිත කරනම අතර දැනට මේ සදහා අවශ්‍ය ඕනැම වර්ගයක Type C USB Cables භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් මෙම Devices සදහා ලබා දී ඇති නවතම iOS Update එක ඔස්සේ මෙලෙස අවශ්‍ය ඕනැම වර්ගය Type C USB Port භාවිත කිරිමට තිබු හැකියාව අහිමි වි ගොස් ඇති බවට අන්තර්ජාලය තුළ තොරතුරු වාර්තා වනවා.

Image - Gizmochina

ඒ අනුව මෙම නවතම iOS Update එක මගින් iPads සහ Macs Type C USB Port එක Encrypt කිරිමට කටයුතු කර තිබෙන බවටයි දැක්වෙන්නේ. එනම් මේ Update එක ඔස්සේ Certificate USB Type C Cables සහ Accessoriesවලට පමණක් iPads සහ Macsවල Type C USB Portවල Full Access එක ලැබෙනු ඇත. එමෙන්ම බොහෝ විට Apple සමාගම විසින් නිර්දේශ නොකරන ලද Type C USB Cables සහ Accessories මේත් සමග iPads, Macs සහ ඉදිරියේදි නිකුත් විමට නියමිත iPhone 15 Series එක සමගත් ක්‍රියාත්මක නොවෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

එමෙන්ම මීට අමතරව ඉදිරියේදි නිකුත් විමට නියමිත iPhone 15 Series එකේ Type C USB Port එක සහ USB Type C Cables සදහා Lightning වැනි Authenticator Feature එකක් හිමි වෙනු ඇති අතර ඒ ඔස්සේ ද iPhone 15 Series එක මගින් Apple සමාගම විසින් නිර්දේශ කරන ලද Type C USB cables සහ Accessories පමණක් භාවිත කිරිමේ හැකියාව ලැබෙනු ඇත.

Sources: www.gizmochina.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara