ලොව පුරා සක්‍රීය Apple Devices ප්‍රමාණය බිලියන 2 ඉක්මවන බව Apple සමාගම නිවේදනය කර​යි

ලොව පුරා සක්‍රීය Apple Devices ප්‍රමාණය බිලියන 2 ඉක්මවන බව Apple සමාගම නිවේදනය කර​යි

මේ වන විට ලොව පුරා Apple Devices (iPhones, iPads, Macs) බිලියන දෙකකට අධික ප්‍රමාණයක් සක්‍රීයව තිබෙන බවට නවතම වාර්තා සඳහන් කරනවා.

මෙය 2020 වසරේ බිලියන 1.5ක අගයක් පැවති අතර 2016 වසරේ බිලියන 1ක අගයක් පැවතුණි. මේ අතරින් පෙනෙනුයේ මෙම අගය කාලයත් සමඟ ඉතා සීඝ්‍රයෙන් වැඩිවූ බවත් ය.

කොවිඩ් වසංගතය හේතුවෙන් අඩාල වූ සැපයුම් කටයුතු 2021 වසරේදී වාර්තාගත ලෙස ඉහළ නංවා ගැනීමට Apple සමාගමට හැකියාව ලැබුණු නිසා මෙලෙස සක්‍රීය Devices ප්‍රමාණය බිලියන දෙකේ සීමාවට පැමිණීමට ආසන්නතම හේතුවක් විය.

දැනට ලෝකයේ Android Devices බිලියන 3කට අධික ප්‍රමාණයක් සක්‍රීයව ඇති බවට Google සමාගම 2021 වසරේදී නිකුත් කළ වාර්තා වල සඳහන් වූවා. කෙසේ වෙතත් මෙයට නම් හේතුව වන්නේ Android සමඟ Smartphone brands විශාළ ප්‍රමාණයක් සිටින හෙයිනි. එයත් සමඟ සන්සන්දනය කොට බලන විට Apple සමාගම පමණක් සතුවූ මෙම Devices මෙතරම් ප්‍රමාණයක් අලෙවි වීම විශේෂ කරුණක්.

Source: theverge.com 9to5mac.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna