ඇසුරුම විවෘත නොකර iPhones update කල හැකි ක්‍රමයක් Apple සමාගම සොයාගනී

ඇසුරුම විවෘත නොකර iPhones update කල හැකි ක්‍රමයක් Apple සමාගම සොයාගනී

Smart phone යුද්ධයේ පෙරමුණ අරන් සිටින Apple සමාගම තම iPhone සදහා නවතම විශේෂාංගය​ක් එකක් ගෙන ඒමට සූදානමින් සිටිනවා. ඒ තමයි Apple iPhone සදහා ඇසුරුම තිබියදීම දුරකථනයේ software update කිරීම එසේත් නැතිනම් latest version එක සදහා යාවත්කාලීන කල හැකි අලුත් system එකක් Apple සමාගම ගෙන ඒමට සැරසෙමින් තිබෙනවා.

Bloomberg හි වාර්තාකරු Mark Gurman පවසා සිටින්නේ, iPhone ඇසුරුමට උඩින් තැබිය හැකි pad එකක් වැනි උපකරණයක් මගින් මෙම යාවත්කාලීක කිරීම් (software updates) සිදු කිරීමට සැරසෙන බවයි.

“Developed a proprietary pad-like device that the store can place boxes of iPhones on top of it.” - Mark Gurman -

එමගින් මෙම system එකට wireless ආකාරයෙන් දුරකථනය power on කල හැකි අතර ඉන් අනතුරුව එහි software එක update කිරීමෙන් පසුව නැවතත් එය power off කිරීමේ හැකියාව පවතී. මේ තුල ඇති විශේෂත්වය නම් මෙම ක්‍රියාවලිය තුලදී කිසිදු මොහොතක ඇසුරුම් විවෘත කිරීම අවශ්‍ය නොවීමයි.

Apple සමාගම ගත් මෙම තීරණය ඉතාමත් හොද දෙයක් වනු අතර iPhone පරිශීලකයන්ට සිදූ වූ තවත් එක් දුක්ඛිත තත්ත්වයකගෙන් ඔවුනට බේරීමට හැකියාව නොදුරේදීම ලැබෙන බව නොඅනුමානය. ඉතා ඉක්මණින් latest ම software updates සමගින් iPhone දුරකථන මිලදී ගැනීමේ හැකියාව සියල්ලන්ටම ලැබෙනු ඇත.

මෙම පහසුකම හිමි වන්නේ Apple Store වලට පමණක් වීම නිසා ශ්‍රී ලංකාවේ අපිට නම් මේ පහසුමක අත්විදින්න හම්බෙන්නේ නෑ. නමුත් මේ වන විට Authorized distributors ලෙසින් Genext සමාගම සහ Authorized resellers කිහිප දෙනෙකු මේ වන විටත් ශ්‍රී ලංකාව තුල සිටින බැවින් අපට බලාපොරොත්තු තබා ගත හැකියි.

ඉතින් Apple සමාගමේ නවතම තොරතුරු මෙන්ම iPhone ඇතුලු ඕනෑම දුරකථනයක නවතම උද්වේගකර තොරතුරු දැනගැනීමට රැදී සිටින්න Android වැඩකාරයෝ අපි සමගින්.

Source: www.bloomberg.com bgr.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna