TikTok තුළ සිදු කල නොමනා ප්‍රකාශයක හේතුවෙන් Apple සමාගමේ කළමණාකරුවෙකුට රැකියාව අහිමි වේ

TikTok තුළ සිදු කල නොමනා ප්‍රකාශයක හේතුවෙන් Apple සමාගමේ කළමණාකරුවෙකුට රැකියාව අහිමි වේ

මෙම පුවත වාර්තා වන්නේ පසුගිය මස එනම් සැප්තැම්බර් 5 වන දින සමාජ මාධ්‍ය ජාලා වන TikTok සහ Instagram යන මාධ්‍ය තුල ඉතාමත් සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ වීඩියෝවක් සම්බන්ධයෙනි. මෙහිදී TikTok ජනප්‍රිය තරුවක් වන Daniel Mac විසින් Apple සමාගමේ විධායක් ශ්‍රේණියේ නිලධාරීයෙකු වන Tony Blevins වෙත ගොස් පටිගත කරන ලද වීඩියෝවක් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් එම කාලය තුල මතුවුණි.

Daniel Mac යනු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අතර ඔහු විසින් බොහෝවිට සිදුකරන්නේ ධනපති පුද්ගලයන් මෙන්ම අධි සුඛෝපභෝගී වාහන හිමිකරුවන් වෙත ගොස් "ඔවුන් ජීවත් වීම සඳහා සිදුකරන්නේ කුමක් ද?" යන්න විමසීමයි. මෙලෙස Blevins ඔහුගේ සුඛෝපභෝගී Mercedes-Benz SLR McLaren මෝටර් රථයේ සිටින අවස්ථාවක ඔහු වෙත ගොස් මෙම ප්‍රකාශය සිදුකල විට ඔහුගේ පිළිතුර වූයේ ඔහු ගොල්ෆ් ක්‍රීඩා කරන බවත් එමෙන්ම ඔහු මහත් සේ කාන්තා ඇසුරට කැමැත්තක් දක්වන බවත්ය.

මෙම ප්‍රකාශය සඳහන් වීඩියෝව Daniel ට අයත් TikTok ගිණුම තුල මිලියනයකට අධික නැරඹුම් වාර ප්‍රමාණයක් වාර්තා කරමින් ඉතාමත් සීඝ්‍රයෙන් අනෙකුත් සමාජ මාධ්‍යජාලා තුලද සංසරණය වීමට ආරම්භ වුණි.

ඔහු එම වීඩියෝව තුල කිසිඳු ආකාරයකින් තමා Apple සමාගමේ සේවය කරන බවක් පිළිබඳව සඳහන් නොකල නමුත් මෙම වීඩියෝව පිළිබඳව හෝ එහි අන්තර්ගතය පිළිබඳව Apple සමාගම විසින් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැත. නමුත් පසුගිය දිනෙක සමාගම නිවේදනය කර ඇත්තේ Blevins තම සමාගමෙන් ඉවත් කල බව​යි. එමෙන්ම එම වීඩියෝවේ අන්තර්ගත වන ඔහු සඳහන් කල වාචික ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඔහු සමාව ගෙන ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් Blevins යනු Apple සමාගම වෙනුවෙන් වසර 22 ක පමණ කාලයක් සේවය කල විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු වන අතර සමාගමේ සැපයුම් හා සම්බන්ධතා කොන්දේසි සකස් කිරීම වැනි ඉතාමත් වැදගත් කාර්යයභාරයන් රාශියක් සිදුකළ පුද්ගලයෙකු වේ. බොහෝ විචාරකයන් පවසන ආකාරයට මොහුගේ ඉවත් කිරී​ම සමාගම සඳහා විශාල පාඩුවක් බව තවදුරටත් සඳහන් කරයි.

මෙම වීඩියෝව සමාජමාධ්‍ය තුල ජනප්‍රිය වීමත් සමඟ බොහෝ සංවිධාන ඔහු විසින් සිදුකළ ප්‍රකාශයට විරුද්ධව මානව හිමිකම් සංවිධාන වෙත තොරතුරු වාර්තා කර ඇති පසුබිමක සමාගමක් වශයෙන් ඔහුගේ ඉවත් කිරී​ම තුළින්, Apple සමාගම නරක හැසිරීම් පිටුදැකීමට සහ විවිධත්වයට සහයෝගය දැක්වීමට ඇති කැපවීම ඔප්පු කිරීමට නායකත්වයක් ලබාදෙන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

Sources: CNET Bloomberg

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna