Apple නිෂ්පාදන හරහා ලබාගන්නා චීන පරිශීලක දත්ත ගබඩා කරගැනීම සහ පාලනය Apple සමාගමෙන් බැහැරව චීනයට

Apple නිෂ්පාදන හරහා ලබාගන්නා චීන පරිශීලක දත්ත ගබඩා කරගැනීම සහ පාලනය Apple සමාගමෙන් බැහැරව චීනයට

පැය 24න් භාගයක් නෙමෙයි, ඊටත් වඩා කාලයක් ඔයා ගත කරන්නෙ ඔයාගෙ Smartphone එකත් එක්ක. ඉතින් මේ වෙද්දි Smartphone භාවිත කරන අපි හැමෝම නිතරම කතාබහ කරන මාතෘකාවක් විදියට මේ Privacy හඳුන්වල දෙන්න පුලුවන්.

ඉතින් Android හා iOS Compare කරද්දි ගොඩක් අය ඉස්සරහට දාන්නෙත් මේ Privacy කියන දේ තමයි. ඉතින් මේ Apple සමාගම හරහා ලබාදෙන Privacy Systems හැම රටකම එකම වගේ ක්‍රියාත්මක වෙනවද ??

මේ වෙද්දි චීනයේ "Guiyang" නගරය ආසන්නයේ Apple සමාගමට අයත් නව දත්ත මධ්‍යස්ථානයක් ඉදිකරල තියෙනව. මෙතනදි තමයි චීනයෙ iPhones භාවිත කරන අයගෙ තොරතුරු ගබඩා වෙන්නෙ. එ වගේම මේකෙ කළමනාකරණ කටයුතු වෙන්නෙත් චීන රජයේ සමාගමක් මගින්. කොහොම උනත් Tim Cook කියා සිටින්නෙ චීන ජනයාගේ තොරතුරු සම්පූර්ණයෙන්ම ආරක්ෂිත වනු ඇති බවයි. නමුත් Apple සමාගම මේ මධ්‍යස්ථානයෙ පාලන අයිතිය චීන රජයට පවරල කියන එක රහසක් නෙමෙයි.

එ වගේම චීන රජයේ නිලධාරීන් එරට iPhone භාවිත කරන අයගේ තොරතුරු ගබඩා කරන පරිගණක පවා පාලනය කරනව. අනිත් දේ තමයි චීන බලධාරීන්ගේ තහනම උඩ Apple සමාගමට Encryption තාක්ෂණය භාවිත කරන්නත් බැහැ. චීනයෙදි ඇරෙන්න වෙනත් රටවල් වලදි මේ තාක්ෂණය භාවිතා වෙනව.

එ වගේම එක් එක් අයගේ පුද්ගලික තොරතුරු ඇතුලත් ගොනු වලට ඇතුල්වෙන Digital Keys පවා මේ Data Center එකෙ තියෙනව. ඉතින් ඔයා චීනයෙ ජීවත් වුනා නම් චීන රජයට හොරෙන් කිසිම දෙයක් කරන්න ඔයාට අවස්ථාව ලැබෙන්නෙ නම් නැහැ.

Source: NewYork Times

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara