ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ සාක්කුවේ තිබියදී පුපුරා ගිය iPhone X එකක් හේතුවෙන් Apple සමාගමට නඩු පැවරේ

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ සාක්කුවේ තිබියදී පුපුරා ගිය iPhone X එකක් හේතුවෙන් Apple සමාගමට නඩු පැවරේ

Apple සමාගමට එරෙහිව iPhone X Device එකක් නිසා නඩුවක් පැවරිමට ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු කටයුතු කර තිබෙනවා. මේ සදහා හේතු වි තිබෙන්නේ ඔහුගේ iPhone X Device එක පුපුරා යාමෙන් පසු ඔහුගේ විමසිම්වලට ප්‍රතිචාර දැක්විමට Apple සමාගමට නොහැකි වි තිබිමයි. මේ සිදුවිම 2019 දි පමණ සිදු වු සිදු විමක් ද වෙනවා. ⁣මේ පිළිබඳ තොරතුරු ඕස්ට්‍රේලියානු News Channel එකක් වෙන 7 News ඔස්සේත් වාර්තා කර තිබුණා.

වාර්තා වෙන තොරතුරුවලට අනුව ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥයෙකු වෙන Robert De Rose මහතා විසින් මෙලෙස Apple සමාගමට එරෙහිව නඩු පැවරිමට කටයුතු කර තිබෙනවා. ඒ ඔහුගේ සාක්කුව තුල තිබු iPhone X එක පුපුරාම යාම නිසයි. ඔහු පවසන අන්දමට ඔහුගේ iPhone X එක සහිත සාක්කුව තුලින් ඔහුට දැඩි රස්නයක් සමග වේදනවාක් දැනි තිබෙනවා. ඔහු එය සාක්කුවෙන් ඉවතට ගන්නා විටදි දුම් දැමිමට පටන් ගත් බැවින් එය පසෙකට දැමු විටම එය පුපුරා ගිය බව පවසා තිබෙනවා. මේ පිපිරිම නිසා ඔහුගේ කකුලට ද හානි වි තිබු බවත් ඔහු දක්වා තිබෙනවා.

2019 දි සිදු වු මේ අනපේක්ෂිත සිදු විම පිළිබඳ Apple සමාගම අවස්ථා කිහිපයකදිම දැනුම්වත් කිරිමට කටයුතු කරත් මේ වන තුරැත් ඔහුට Apple සමාගම වෙතින් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ඔහු මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කර තිබෙනවා. මේ වන විට Robert De Rose මහතා මේ සම්බන්ධයෙන් Apple සමාගමට එරෙහිව නඩු පවරා ඇති අතර ඔහුගේ නීතිඥයින් සමගින් මේ පිළිබඳ වැඩි දුරටත් කටයුතු කිරිමට සුදානමින් සිටිනවා. ප්‍රාන්ත අධිකරණය වෙත ගොනුකර ඇති මේ පැමිණිල්ල පිළිබඳ Apple සමාගමත් මේ වන විට වැඩි දුර පරික්ෂණ සිදු කරමින් සිටින බවටත් තොරතුරු වාර්තා වෙනවා.

Source : 9to5Mac, Gizmochina, 7 News

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara