Delete කරන ලද Photos නැවත ලැබිමේ Bug එක පිළිබඳව Apple සමාගම විසින් පැහැදිලි කරයි

මේ සඳහා iCloud Photos වල කිසිදු සම්බන්ධයක් නොමැති වන අතර iPhone එකේම File System එකේ සිදු වු database corruption එක නිසා මෙලෙස Delete කරන ලද Photos නැවත iPhone එකට පැමිණීම සිදුව තිබෙනවා.

Delete කරන ලද Photos නැවත ලැබිමේ Bug එක පිළිබඳව Apple සමාගම විසින් පැහැදිලි කරයි

ඔබට මතක ඇති පසුගිය සතියේදී Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone සඳහා නිකුත් කළ නවතම Software Update එක වු iOS 17.5 සමඟින් ඔබ විසින් Delete කරන ලද Photos නැවත පැමිණෙන ආකාරයේ අමුතුම Bug එකක් පැමිනීම සිදු වුණ බව අන්තර්ජාලය තුළ වාර්තා වුවා. ඒ අනුව මෙයට පිළිතුරු ලෙස Apple සමාගම විසින් iOS 17.5.1 ලෙසින් තවත් Update එකක් නිකුත් කළ අතර ඒ ඔස්සේ මෙම ගැටලුව විසදුණා.

මේ පිළිබඳව තොරතුරු නිකුත් කරමින් Apple සමාගම විසින් දක්වා තිබෙන්නේ මෙය “database corruption” එකක් නිසා iOS 17.5 Update එක සමඟින් සිදු වුණ බවට දක්වා තිබෙනවා. එමෙන්ම මේ සඳහා iCloud Photos වල කිසිදු සම්බන්ධයක් නොමැති වන අතර iPhone එකේම File System එකේ සිදු වු database corruption එක නිසා මෙලෙස Delete කරන ලද Photos නැවත iPhone එකට පැමිණීම සිදුව තිබෙනවා.

එමෙන්ම ඔවුන් විසින් වැඩි දුරටත් දක්වා තිබෙන්නේ සම්පුර්ණයෙන් Erase කරන ලද iPhone එකක, එම Erase කිරීමට පෙර තිබුණ Photos කිසි විටෙක නැවත ලැබිය නොහැකි අතර, Erase කිරීමේදී ඒ සියලු දෑ ස්ථිරවම Delete වි යනු ලබන බවයි. තවද මෙය සුළු පිරිසක් සඳහා පමණක් බලපා ඇති බවත්, Apple සමාගමට කිසි විටෙක Photos හෝ Video සඳහා ප්‍රවිශ්ඨ විමේ හැකියාවක් නොමැති බවයි.

එමෙන්ම ඔබගේ iPhone එකටත් පසුගිය iOS 17.5 Update එක ඔස්සේ Delete කරන ලද Photos නැවත ලැබි ඇති නම්, මෙම ගැටලුවට පිළියම් ලෙස නිකුත් කරන ලද iOS 17.5.1 Update එක ඔස්සේ එම Photos ස්වයංක්‍රීයව Delete විමක් සිදු වන්නේ නැත. එසේ Delete කරන ලද Photos නැවත ලැබී පවති නම් ඔබ විසින්ම නැවත ඒවා Delete කර දැමිය යුතු වනවා.

Source: 9to5mac.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna