Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම M4 chip එක හදුන්වාදීමට කටයුතු කර​යි

Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම M4 chip එක හදුන්වාදීමට කටයුතු කර​යි

Apple සමාගම විසින් 2024 මැයි 07 දි​න ඔවුන්ගේ නවතම iPad Pro මාදිලීන් සමඟින් ඒ සඳහාම ව​න M මාදිලියේ chip එක වන M4 chipset එක එළිදක්වනු ලැබුවා.

Apple සමාගම පවාන ආකාරයට නව M4 chipset එක 10 core දක්වා වන CPU එකකින් සමන්විත වන අතර එ​ය performance cores 4​ක් සහ efficiency cores 6ක් දක්වා වන පිරිවිතරයන්ගෙ​න් සමන්විත වනවා.

මේ නව M4 chipset එක එකිනෙකට වෙනස් මොඩලයන් දෙකකින් යුක්තවනවා. එක් මාදිලියක් CPU cores 9කින් යුක්ත වන අතර එහි perfomance cores 3ක් සහ efficiency cores 6ක් ඇතුලත් වනවා. මේ මොඩලයෙන් සමන්විත වන iPad Pro 256GB සහ 512GB යන මතක ධාරිතාවක් සඳහා සහය දක්වනු ලබනවා. අනිත් මාදිලිය වන 10 core CPU එක performance cores 4කින් සමන්විත වන අතර efficiency cores 6කින් සමන්විත වනවා. මේ මොඩලයෙ​න් බලගැන්වෙන iPad Pro, 1TB සහ 2TB යන මතක ධාරිතාවන් සඳහා සහය දක්වනු ලබනවා.

දෙවන පරම්පරාවේ 3nm තාක්ෂණය භාවිතා කරමින් නිපදවා ඇති මේ M4 chip සතුව නව display engine එකක් සතු වනවා. එය M2 chip වලින් බලගැන්වෙන iPad Pro මාදිලි වලට වඩා 50%ක වේගවත්ව මේ නව CPU ක්‍රියාකරනු ලබන බව Apple සමාගම විසින් පවසනු ලැබුවා. එමෙන්ම පෙර iPad Pro වලට වඩා හතර ගුණයක වේගයකින් යුතු render perfoemance දක්වනවා.

නවවතම M4 chip එක සතුව ඇති Dynamic Caching විශේෂාංගය gaming වලදී ඒවාගේ ඇති performance ඉහළ නැංවීමට කටයුතු කරන නිසා ඉතාමත් ඉහළ gaming අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා. එමෙන්ම iPad ඉතිහාසයේ පළමු වතාවට hardware accelerated ray tracing පහසුකම හදුන්වාදීමටද Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මීට පෙර වාර්තා වූ පරිදිම මෙවර Apple සමාගම විසින් M4 chip එක වෙත Neural Engine එකක් ලබාදීමට කටයුතු කර තිබෙන අතර ඒ හරහා AI භාවිතා කර වැඩකටයුතු කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

Apple සමාගම පවසන ආකාරයට මෙය ඔවුන්ගේ බලවත්ම Neural Engine එක වන අතර ඒ හරහා තප්පරයකට ට්‍රිලියන 38ක මෙහෙයුම් වාර ප්‍රමාණයක් ලබා දීමට හැකියාව පවතිනවා. ඒ හරහා AI භාවිතා කරමින් සිදු කරන tasks ඉතාමත් ඉක්මනින් iPad හරහා සිදු කරගැනීමට හැකි බවද ඔවුන් එහිදී සඳහන් කර සිටියා.

Source: www.apple.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna