නව Mac උපාංග එලිදක්වන Scary fast event එක ඔක්තෝම්බර් 30 වෙනිදා පැවැත්වෙන බව Apple සමාගම ප්‍රකාශ කර​යි

නව Mac උපාංග එලිදක්වන Scary fast event එක ඔක්තෝම්බර් 30 වෙනිදා පැවැත්වෙන බව Apple සමාගම ප්‍රකාශ කර​යි

Apple සමාගම විසින් පසුගිය මාසයේදී ඔවුන්ගේ නවතම iPhone මාදිලිය වන iPhone 15 Series එක නිකුත් කිරීමෙන් පසුව Scary fast නමින් එළඹෙන ඔක්තොම්බර් 30 වනදා තවත් Event එකක් පැවැත්වීමට නියමිත බව මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එළඹෙන 30 වෙනිදා පැවැත්වීමට නියමිත මේ Scary fast Event එක මාර්ගගතව පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30ට ආරම්භ වීමට නියමිතව පවතින මෙය Apple වෙබ් අඩවිය හෝ YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකි වනවා.

පසුගිය දිනවල වාර්තා වු තොරතුරුත් සමඟ මේ Event එක ඔස්සේ Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම Macs පෙළ එළිදක්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතරම මේවා බොහෝ විට M3 processor එකෙන් සමන්විත විය හැකියි. ඒ අනුව මෙහිදි නව M3 Processor එකෙන් බල ගැන්වෙනු ලබන iMac එකක් සහ නව High-end MacBook Pro model එකක් එළි දැක්වෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

මේ Scary fast Event එක ඔස්සේ එළිදැක්වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි උපාංග ලෙස අගල් 13ක MacBook Pro, අගල් 14ක iMac සහ High-end MacBook Pro උපාංගයන් දැක්විය හැකියි. කෙසේ වෙතත් මේවා පිළිබඳව දැනට කිසිදු නිල තොරතුරක් නොපවතින අතර එළඹෙන ඔක්තොම්බර් 30 වන දින මේ උපංගයන් එළිදැක්වු සැනින් ඒ පිළිබඳව ඔබ වෙත තොරතරු ගෙන ඒමට අප සුදානම්.

Source: www.theverge.com www.androidauthority.com www.macrumors.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna