iOS 16 සංස්කරණය එලිදක්වන දිනය Apple සමාගම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර​යි

iOS 16 සංස්කරණය එලිදක්වන දිනය Apple සමාගම විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර​යි

ජූනි මාසයෙදී පැවති WWDC 2022 හිදී iOS 16 පිළිබඳව ප්‍රකාශයට පත් කල දින සිට Apple සමාගම විසින් මේ වන තෙක් Developer beta සංස්කරණයන් 8ක් සහ Public beta සංස්කරණයන් 6ක් නිකුත් කර තිබෙනවා. Apple සමාගම විසින් ඊයේ පැවති iPhone 14 එලිදක්වන අවස්ථාවේදී iOS 16 සංස්කරණය ගෝලීය වශයෙන් සියළුම පරිශීලකයන්ට නිකුත් කරන දිනය ප්‍රකාශයට පත් නොකලද ලබන සතියේ සදුදා දිනයේදී නිකුත් කරන බවට iPhone 14 මාදිලිය සඳහා වන blog පොස්ට් එකෙහි සඳහන් කර ඇත. පෙර මෙන්ම මෙයද නොමිලේ සිදු කරන මෘදුකාංග යාවත්කාලීන කිරීමක් වනු ඇත.

iOS 16 සංස්කරණය තුල විශාල වශයෙන් UIහි වෙනස් කිරීමක් සිදු කර නොමැති අතර, ඒ වෙනුවට පරිශීලකයන් විසින් ඉල්ලා සිටි බොහෝ විශේෂාංග රැසක් ඇතුලත් කර ඇත. iOS lockscreen මත ඇති widgets, notifications සඳහා වන improvements, සහ තවත් නව විශේෂාංග රැසක් ඇතුලත් කිරීමට Apple සමාගම කටයුතු කර ඇත. මේ තුල නව ආරක්ෂක සහ පෞද්ගලිකත්​ව විශේෂාංග රැසක්ද ඇතුලත් වේ.

iOS 16 තුල අඩංගු වන නව විශේෂාංග පිළිබඳ දැන ගැනීමට මෙම ලිපිය කියවන්​න.

එමෙන්ම Apple උපාංග සඳහා පමණක් වන iMessage සඳහා edit messages, unsend messages වැනි නව විශේෂාංග රැසක් ඇතුලත් කිරීමට කටයුතු කර ඇත. iOS 16 සංස්කරණය ලැබෙන iPhones අතර ඔබගේ ජංගම දුරකතනය ඇතැයිද යන්න පරීක්ෂා කිරීමට මෙම සබැදියට පිවිසෙන්න.

මීට පෙර අප විසින් රැගෙන ආ පරිදි, iPadOSහි නිකුතුව ප්‍රමාද වන බව Apple සමාගම විසින් දැනටමත් තහවුරු කර ඇත. iOS 16 සංස්කරණය මෙවර මුලින්ම නිකුත් කරනු ලබන අතර iPadOS සහ macOS Ventura සංස්කරණයන් ඔක්තෝම්බර් මාසයේ මැද හෝ අග භාගයේදී පරිශීලකයන් වෙත නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කල හැකිය.

ඔබ මේ වන විටත් iOS 16හි beta සංස්කරණයන් භාවිතා කරන්නෙකු නම් ඔබගේ ප්‍රියතම නව විශේෂාංගය සහ iOS 16 පිළිබඳ ඔබගේ අත්දැකීම් පහත comment section එකේ අප හා බෙදා ගන්න.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara