M2 Ultra සමඟින් බල ගැන්වෙන නවත​ම Mac Pro පරිගණකය එලිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි

WWDC 2023හිදී Apple සමාගම ඔවුන්ගේ Apple Silicon වෙත සිදු කෙරෙන transitionඑක 100%ක් සම්පූර්ණ කරමින් ඔවුන්ගේ නවතම Apple Silicon chipset එක වන M2 Ultra chip එකෙන් බල ගැන්වෙන නවතම Mac Pro පරිගණකය එලිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

M2 Ultra සමඟින් බල ගැන්වෙන නවත​ම Mac Pro පරිගණකය එලිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි

මේ වන විට පැවැත්වෙන WWDC 2023හිදී Apple සමාගම ඔවුන්ගේ Apple Silicon වෙත සිදු කෙරෙන transitionඑක 100%ක් සම්පූර්ණ කරමින් ඔවුන්ගේ නවතම Apple Silicon chipset එක වන M2 Ultra chip එකෙන් බල ගැන්වෙන නවතම Mac Pro පරිගණකය එලිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. මෙය 2019 වර්ෂයේ එලිදැක්වුනු cheese grater නම් අන්වර්ථ නාමයෙන් හැදින්වෙන Mac Pro එකට සමාන හැඩයකින් යුතු වනවා.

මෙම නව Mac Pro පරිගණකය Thunderbolt ports 8කින් සහ PCI slots 6කින් සමන්විත වනවා. ඒ හරහා modular expansion සඳහා පහසුවෙන් යොමු විය හැකියි. නව M2 Ultra chipset එක 24 core CPU එකකින්ද, 76 core GPU එකකින්ද, 192GB RAM ධාරිතාවයකින් සමන්විත වන අතර HDMI ports දෙකින්, dual 10-gigabit Ethernet port එකකින් සහ 32 core Neural Engine එකකින් සමන්විත වන අතර එය machine learning කාර්යයන් සඳහා සහය දක්වනු ලබනවා.

8 Thunderbolt ports
6 PCI Slots

මීට අමතරව නවතම Wi-Fi 6E සහ Bluetooth 5.3 හරහා රැහැන් රහිත සබඳතාවයකට සහය දක්වනු ලබනවා.

ඇමරිකානු ඩොලර් 6,999 සිට මිල නියම වන නව Mac Pro පරිගණක අද දින සිට ඇණවුම් කිරීමට හැකියාව පවතින අතර ලබන සති​යේ සිට වෙළඳපලට නිකුත් කරනු ලබනවා.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara