Apple සමාගම විසින් අළුත්ම design එකකින් යුතු iPad mini 6 එක හඳුන්වා දීමට කටයුතු කරයි

Apple සමාගම විසින් අළුත්ම design එකකින් යුතු iPad mini 6 එක හඳුන්වා දීමට කටයුතු කරයි

Apple සමාගම විසින් පැවැත්වූ Apple Event - September 14 event එක හෙවත් California Streaming නම් event එකේදී iPad mini නමින් නවතම iPad mini 6 උපාංගය හඳුන්වා දීමට කටයුතු කරා. ඒ අනුව iPad mini 6 යනු මෙතෙක් තුරාවට Apple සමාගම විසින් නිකුත් කරන ලද කුඩාම iPad එක වෙනවා. iPad mini 6 එක ගිය වසරේ නිකුත් කල iPad Air එකට යම්තරමක් සමානකමක් දැක්වූවත්, කුඩා bezels සහ Home Button එකක් නොමැති වීම මත iPad mini 6 මාදිලිය iPad Air වලින් වෙනස් වනවා.

Touch ID එක Power button එකේ

ගිය වසරේ හඳුන්වාදුන iPad Air මෙන් නොව, නව iPad mini 6 සඳහා FaceID ඇතුලත් නොවන නමුත් TouchID එකකින් සමන්විත වනවා. මෙම TouchID එක iPad mini 6හි power button එක මත පිහිටුවා තිබීමත් විශේෂත්වයක්. මෙයින් iPad mini 6 උපාංගය unlock කිරීම මෙන්ම ඒ හරහා සිදු කරන මිලදී ගැනීම approve කිරීමටද භාවිතා කල හැකියි.

ප්‍රධාන specifications

iPad mini 6හි ප්‍රධාන පිරිවිතරයන් ලෙස iPhone 13 මාදිලිය සඳහා යොදාගෙන ඇති A15 Bionic chipset එක යොදාගෙන ඇති අතර, TrueTone වලින් සමන්විත වන අඟල් 8.3ක තිරයක් යොදාගෙන තිබෙනවා. මීට අමතරව පෙර නිකුත් කල iPad mini මාදිලියේ ඇතුලත් වූ Lightning port එක වෙනුවට iPad mini 6 මාදිලියේ USB-C port එකක් යොදාගෙන ඇති අතර ඒ හරහා දසගුණයක වේගයෙන් උපාංග අතර දත්ත හුව්මාරු කරගැනීමේ පහසුකම ලැබී තිබෙනවා. මීට අමතරව iPad mini 6 Cellular models සඳහා 5G තාක්ෂණයේ සහයද ලබා දී තිබෙනවා.

අළුත්ම කැමරාව

මෙම නවතම iPad mini 6 එක සමඟ මෙගා පික්සල් 12ක කැමරාවක් සහ True Tone flash එකක් අඩංගු වෙනවා. ඊට අමතරව iPad mini6 මාදිලියේ කැමරා පද්ධතිය Smart HDR තාක්ෂණය සඳහාද සහය දක්වනවා. මෙම නව කැමරා පද්ධතිය ඔස්සේ 4K resolution එකෙන් යුතු videoද පටිගත කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

iPad mini 6 සඳහා 2nd Gen Apple Pencilහි සහය හිමිවන අතර එය කාන්දම් බලය ආධාරයෙන් iPad mini 6හි පසෙකින් රඳවා තබා ගැනීමේ හැකියාවද ලබා දී තිබෙනවා.

iPad mini 6 මාදිලිය ඇමරිකානු ඩොලර් 499 සිට ඉහළට මිල කර ඇති අතර අද දින සිට ඔබට මෙය ඇණවුම් කිරීමට හැකිය.

මෙම ලිපිය California Streaming YouTube Live එක ආශ්‍රයෙන් නිම වූ ලිපියකි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara