Apple හා Google සමාගම් විසින් Fortnite Mobile ක්‍රීඩාව App store හා Play Store වෙතින් ඉවත් කරයි

Apple හා Google සමාගම් විසින් Fortnite Mobile ක්‍රීඩාව App store හා Play Store වෙතින් ඉවත් කරයි

Apple හා Google කියන්නේ ලොව තිබෙන දැවැන්තම technology සම්බන්ධ සමාගම් දෙක කීවොත් වැරදි නෑ. මින් විශේෂම කරුන වන්නේ ඔවුන්ට විශාල smart devices market එකක් වගේම ඒවාට individual device os  තිබීමයි. මේ නිසාම ඔවුන්ට ඔවුන්ගේ devices මුල සිට අග දක්වාම පාලනය කරන්නට පුලුවන් වෙනවා. මෙහි විශේෂ තැනක් Apple වෙත යොමු වන්නේ Open Source නොවීම නිසයි. මෙයින් වාසි වගේම අවාසි තිබෙනවා.

කෙසේ වෙතත් ලොව මුල් පෙලේ mobile os 2 වන iOS හා Google ප්‍රසිද්ධ game making company එකක් ban කරනවා කියන්නේ device බිලියන ගනනකට මේ software download කරන්න වෙන්නේ නෑ. ඒක consumerලාට වගේම app developers ලා හටත් ගොඩක් බලපෑමක්. ඒ වගේම මෙය iOS වල විශේෂයෙන් බලපාන්නේ Closed Environment එකක් නිසා Apps Google වල මෙන් Side Load කිරීමටද නොහැකි වීමයි.

හැම කාසියකම දෙපැත්තක් තියෙනවා වගේ මෙක Epic Games නැත්තන් Fortnite  developers ලා සිතා මතාම කල දෙයක්, ඒ නම් Apple App Store හා Google Play Store හි Regulations සිතා මතාම ඔවුන් කඩ කරන්නේ මෑත කාලයකදී සිට නැගෙන විරෝධයන් උපයෝගී කරගෙනයි. මෙයට හෙතුව Free to Play Category එකෙහි තිබෙන Fortnite වැනි Apps වල in app purchase වලින් 30% ක් Apple හා Google සමාගම් ලබාගැනීමයි. මෙය Apple හා Google පමනක් කරනා දෙයක් නොවේ. මෙය PlayStation ,Nintendo , Xbox වැනි Game Console සාදන සමාගම් විසින් සිදු කරනා දෙයකි.

මෙසේ Developers ලා තමා සාදන දෙයකින් වාසි ලබනවා කියා චොදනා කලත් අනෙක් අතින් ඔවුන් ලොව ප්‍රචලිත වන්නට වගේම බිලියන ගනනක් අතට යන්නට platform වල වටිනාකමත් තිබෙනවා. Apple, Google වැනි Platform නොමැති නම් ඔවුන්ට කවමදාවත් ප්‍රචලිත වන්නට වෙන්නේ නෑ මෙසේ ඔවුන්ට තැනක් ලබාදී ඉදිරියට ගෙන ආ පසු මුල අමතක කිරීමත්, හා ඔවුන් සිතනවා නම් Apple , Google වැනි සමාගම් තම මුදල් වැයකොට Software නිපදවා නොමිලයේ අනෙක් අයට මුදල් උපයන්න දිය යුතුයි කියා එය ඉතාමත් මෝඩ වගේම ආත්මාර්ථකාමී කාරනයක්. කෙසේ නමුත් මෙයින් අන්තිමට අපහසුතාවයට පත් වන්නේ end users ලා වන ඔබ අපියි.

Developer ලා හා විශාල සමාගම එකගතාවට පැමින සාදාරන ලෙස ගාස්තු අඩු කරගන්නවා නම් හා නිතිමය ලෙස කල් ඇදි ඇදී නොයනවා නම්. කාටත් පහසුවක් වෙතැයි සිතමු.

කෙසේ නමුත් Epic Games මෙය සිතා මතා කරනවා කියන්නට හොදම සාක්ෂිය වන්නේ ඔවුන් Apple විසින් Fortnite Ban කල විගසම පිටු 65 ක චොදනා ගොනුවක් වගේම ඉතාමත් නිර්මානාත්මක Video එකක් හා #Freefortnite යනුවෙන් campaign එකක්. ගෙන යාමයි. කෙසේ නමුත් හරියටම සිතනවා නම් Epic Games විසින් තම fan base එක ඇපයට තබාගෙන සිතා මතාම මෙය සිදු කර තිබීමයි. එයින් ඔවුන්ගේ users ලා හට සිදුවන අපහසුතාව නොසිතීම ඉතාමත් කනගාටුවට කරුනකි.

Source: CNN, IGN

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara