මීළඟ AirPods Pro සඳහා USB Type C Port එකක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වේ

මීලග Apple AirPods Generations සඳහාත් මෙතෙක් කල් භාවිත වන Lightning Port එක වෙනුවට USB Type C Port එකක් ලබා දීමට සුදානම් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මීළඟ AirPods Pro සඳහා USB Type C Port එකක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වේ

ඔබ මේ වන විටත් Apple සමාගමේ මීලග iPhone Series එක වන iPhone 15 Series එක USB Type C සමඟින් නිකුත් කිරීමට Apple සමාගම සුදානම් බව. ඒත් සමඟම ඔවුන් විසින් මීලග AirPods Generations සඳහාත් මෙතෙක් කල් භාවිත වන Lightning Port එක වෙනුවට USB Type C Port එකක් ලබා දීමට සුදානම් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව iPhone 15 Series එක සමඟින් නිකුත් වීමට නියමිත AirPods Pro සඳහාත් මෙලෙස USB Type C Port එකක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මීට අමතරව AirPods සඳහා පරිශීලකයාගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව තොරතුරු ලබා ගත හැකි නව විශේෂාංග කිහිපයක් ලබා දීම පිළිබඳවත් ඔවුන් කටයුතු කරමින් සිටින බව දක්වන්න පුලුවන්.

මෙලෙස පළමුව AirPods සඳහා USB Type C Port එකක ලැබෙනු ඇති අතර ඉන් පසුව AirPods සහ AirPods Max සඳහා ලැබෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුලුවන්. මීට අමතරව දැනට Regular AirPods එකක් මිළ වන ඩොලර් 129 සිට ඩොලර් 99 දක්වා පහත වැටෙනු ඇතැයි ද මේත් සමඟ අපේක්ෂා කරන්න පුලුවන්. ඒ වගේම මේ හේතුව නිසා Android පරිශීලකයන් අතරත් Apple AirPods Pro ජනප්‍රියත්වයට පත් වනු ඇතැයි අපට බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මීට අමතරව Apple සමාගම විසින් AirPods ඔස්සේ කන ඇතුළත උෂ්ණත්වය ඔස්සේ ශරිර උෂ්ණත්වය පිළිබඳ මිනුම් ලබා ගැනිමේ හැකියාව ලබා දීම පිළිබඳවත් කටයුතු කරමින් සිටින අතර ඒ මගින් Apple Watch එකට වඩා නිරවද්‍යව ශරිර උෂ්ණත්වය ලබා ගත හැකි වනවා. කෙසේ වෙතත් මේ Health Features නුදුරේදීම ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි අතර ඉදිරි AirPods Generation එකක් ඔස්සේ මේ විශේෂාංගත් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.‌‌

Sources: bloomberg.com androidauthority.comCover Image Source: 9to5mac.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara