ත​ම සමාගමේ සේවකයන් Meta සමාගම සමඟ එක්වීම වැලැක්වීම සඳහා Apple සමාගම විසින් විශාල බෝනස් මුදලක් ගෙවීමට කටයුතු කර​යි

ත​ම සමාගමේ සේවකයන් Meta සමාගම සමඟ එක්වීම වැලැක්වීම සඳහා Apple සමාගම විසින් විශාල බෝනස් මුදලක් ගෙවීමට කටයුතු කර​යි

Apple සමාගම යනු මේ වන විට තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙකු බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්. Apple සමාගම සේම Facebook (Meta), Samsung හා Microsoft ආදී සමාගම්ද තාක්ෂණික ලෝකය තුල කරට කර සටනක නිරත වන සමාගම් වෙනවා. මේ සමාගම් අතර යම් යම් සීතල යුද්ධයන් ද පවතින අතර අනෙකාට වඩා වැඩි ගුණාත්මක භාවයකින් හා වැඩි පාරිභෝගික ආකර්ෂණයක සහිතව නිෂ්පාදන එළිදැක්වීම මේ සෑම සමාගමකම අරමුණ වෙනවා.

මේ වෙනුවෙන් මේ සෑම සමාගමකටම කැපවී වැඩ කළ හැකි, දක්ශතාවලින් සපිරි සේවකයන් පිරිසක් අවශ්‍ය වෙනවා. මෙලෙස තම සමාගම්වල සේවය කරනු ලබන සේවකයන් මෙම තරගකාරී ආයතන අතර හුවමාරු වීම වැලැක්වීම සදහා සහ දක්ශතා ඇති සේවකයන් ඔවුන්ගෙන් ඉවත්ව යාම වැලැක්වීම සදහා Apple සමාගම විසින් ඔවුන්ගේ ඇතැම් සේවකයන් සදහා ඉතා විශාල බෝනස් මුදලක් මේ වසර අවසානයේදි ලබා දී ඇති බවට වාර්තා වෙනවා.

Bloomberg වෙබ් අඩවියේ වාර්තාවකට අනුව Meta සමාගම වෙත සේවකයන් ඉවත් යාම නැවැත්වීම සදහා මෙම බෝනස් මුදල ලබා දී ඇති අතර තෝරා ගන්නා ලද සේවකයන් හට ඩොලර් 50000 සිට ඩොලර් 180000 (රුපියල් මිලියන 10 සිට මිලියන 360) දක්වා දීමනාවන් ලබාදී තිබේ. එසේම මෙම දීමනාවන් ලබා ගන්නා සේවකයන් ඉදිරි වසර 4ක කාලය තුල Apple සමාගම හා සේවය කිරීමට බැදී සිටිය යුතු වෙනවා.

තවදුරටත් එම වාර්තාව මගින් දක්වා ඇත්තේ Apple සමාගම සාමාන්‍යයෙන්ද බෝනස් මුදල් පිරිනැමුවත් මෙතරම් විශාල මුදලක් එක් සේවකයකුට මීට පෙර ලබාදී නොමැති බවයි. කෙසේ වෙතත් මොවුන් මෙම බෝනස් මුදල පිරිනමා ඇත්තේ සේවකයන් 100කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී පමණක් Apple සමාගම අතහැර Meta සමාගම හා එක්ව ඇති පසුබිමකයි.

Source : Bloomberg

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna