ඇන්ඩ්‍රොයිඩ් OS file system – The Android (Software Part 1)

ඇන්ඩ්‍රොයිඩ් OS file system – The Android (Software Part 1)

සොෆ්ට්වෙයා පාර්ට් එකේ මම මුලින් පටන් ගන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකේ ෆයිල් සිස්ටම් එකෙන්. ඒ කියන්නේ Android OS එකෙන් ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එක පාවිච්චි කරන  හැටි.

ඩෙස්ක්ටොප් පීසී එකක අපි හාඩ්ඩිස්ක් එක පාටිශන් කරනවනේ. ඒකිව්වේ කොටස් වලට බෙදලානේ පාවිච්චි කරන්නේ C:\ , D:\ වගේ. මේකේ OS එක වැටෙන්නේ C එකට. අන්න ඒවගේ ඇන්ඩ්‍රොයිඩ් වලත් ඉන්ටර්නල් මෙමෙරි එක පාටිශන් කිහිපයකට බෙදෙනවා. හැබැයි අර පීසී වල වගේ නෙවේ. සාමාන්‍යයෙන් රූට් කරලා නැත්තං අපිට පේන්නේ මේ පාටිශන් වලින් 1ක් විතරයි.

  • Boot
  • Recovery
  • System
  • Data
  • Cache
  • SD Card
  • ExtSD Card / SD Card 2

මීට අමතරව තව තියෙනවා නමුත් මේ තමා ප්‍රධාන පාටිශන් ටික. මං එකින් එක විස්තර කරන්නම් මේව ගැන.

  1. Boot
    මේකෙන් තමා ෆෝන් එක ඔන් කරනකොට ඇන්ඩ්‍රොයිඩ් ලෝඩ් කරන්න පටන් ගන්නේ. කලින් පෝස්ට් එකක කිව්ව කර්නල් එක තියෙන්නේ මේකේ. ලොකු පාටිශන් එකක් නෙවේ. කස්ටම් රිකවරි එකකින් ඕනනම් මේක Wipe කරන්න පුලුවන්. හැබැයි එහෙම කලොත් ෆෝන් එක බූට් වෙන්නේ නෑ.
  2. Recovery
    මේ පාටිශන් එක ක්‍රියා කරන්නේ වෙනමම OS එකක් විදිහට කියලා කියන්න පුලුවන්. Boot පාටිශන් එක හැර වෙන ඕනම පාටිශන් එකක් නැතත් මේක තියෙනවා නම් ෆෝන් එක මේකට බූට් කරන්න පුලුවන්. මේ පාටිශන් එකේ තමා රිකවරි එක තියෙන්නේ. TWRP හෝ CWM වගේ කස්ටම් රිකවරි ෆ්ලෑශ් කරන්නේ මේකට.
  3. System
    මේකේ තමා ඇන්ඩ්‍රොයිඩ් ඔපරේටින්ග් සිස්ටම් එක තියෙන්නේ. ලොකු පාටිශන් එකක් GB කිහිපයක් තියෙනවා. මේ පාටිශන් එක වයිප් කලොත් ෆෝන් එකේ OS එක නැතිවේවි. හැබැයි රිකවරියට බූට් කරලා ආපහු OS එක ගහන්න පුලුවන්. සිස්ටම් ඇප්ස් තියෙන්නේ මේකේ.
  4. Data
    මෙන්න මේ පාටිශන් එකට තමා අපි ඉන්ස්ටෝල් කරන ඇප්ස්, SMS, හා සියලු සෙට්ටින්ග් සේව් වෙන්නේ. ෆැක්ටරි රීසෙට් එකකදි මේ පාටිශන් එක වයිප් වීම විතරයි සිද්දවෙන්නේ.
  5. Cache
    මේක ටෙම්පරි ෆයිල් හා ඇප්ස් වලට නිතර ඕන කරන ෆයිල් තියන තැන. මේක වයිප් කලාට සාමාන්‍යයෙන් මුකුත් වෙන්නේ නැ. අපි ෆෝන් එක පාවිච්චි කරන කොට ආපහු අර ෆයිල් ටික හැදෙනවා.
  6. SD Card
    ගොඩක් අය හිතන්නේ ෆෝන් කම්පැනි එකෙන් ෆෝන් එකේ ස්ටොරේජ් එක 8GB, 16GB, 32GB කිව්වම ඒ සේරම අපිට පාවිච්චි කරන්න පුලුවන් කියලා. හැබැයි අපට පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ මේ SD Card පාටිශන් එක විතරයි. සාමාන්‍යයෙන් තියන ලොකුම පාටිශන් එක.

    නමුත් ෆෝන් කම්පැනි වලින් SD Card පාටිශන් එකටයි Data හා Cache පාටිශන් වලටයි දීලා තියෙන්නේ තනි පාටිශන් එකක්. ඒනිසා මේ 3ම ඉන්නේ එකම පාටිශන් එකේ. ඒනිසා ඇප් ඉන්ස්ටෝල් කරනකොට ඉන්ටනල් මෙමරි එක පිරෙනවා. කැශ් හැදෙද්දී ඉන්ටනල් එක පිරෙනවා. මේක මාකටින් ට්‍රික් එකක්. 8GB මෙමරි තියන ෆෝන් වල මේක පැහැදිලිව දකින්න පුලුවන්.
  7. ExtSD Card / SD Card 2
    මේක තමා මෙමරි කාඩ් එකක් දැම්මම ඒක මවුන්ට් කර්න්නේ මේ පාටිශන් එකට. මෙමරි කාඩ් එකක් නැත්තං මේ පාටිශන් එක Inactive තියෙන්නේ.

    මේ පාටිශන් එකට ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකෙන් දෙන සපෝට් එක ඇඩුයි. මොකද සාමාන්‍යයෙන් Class 10 මෙමරි කාඩ් උනත් ඉන්ටනල් මෙමරි එකේ ස්පීඩ් එකෙන් 10%ක් වත් නෑ. මේකට ඇප් එහෙම ඉන්ස්ටෝල් කලොත් ෆෝන් එක පිටින් ස්ලෝවෙනවා.

සාමාන්‍යයෙන් රූට් කලාම ෆෝන් එකේ රූට් එක්ස්ප්ලෝරර් එකක් තියේනම් පේන්න ඇති Root කියලා පාටිශන් එකක් පෙන්නනවා. මේක පාටිශන් එකක් කියන්න අමාරුයි. මෙතෙන්දි පෙන්නන්නේ ෆෝන් එකේ තියන පාටිශන් ටික හා සිස්ටම් පාටිශන් එකේ ෆෝල්ඩර් කිහිපයක්. ඔය System, Data වගේ පාටිශන් වලට මෙතනින් යන්න පුලුවන්.

ඇප් වල එහෙම ලයිසන් ෆයිල් ගේම් වල සේව් ෆයිල් තියෙන්නේ root/data/data කියන තැන. මේක රොම් එකෙන් රොම් එකට වෙනස් වෙන්න පුලුවන්.

ඇන්ඩ්‍රොයිඩ් වල මේ ඉන්ටර්නල් මෙමරි එක ෆෝමැට් කරලා තියෙන්නේ EXT4 වලින්. මොකද ඇන්ඩ්‍රොයිඩ් රන් වෙන්නේ ලිනක්ස් කර්නල් එක උඩ නිසා.

ෆෝන් එකේ ඉන්ටනල් මෙමරි එක 32GB නම් ඒකෙන් 5GB වගේ යනවා System පාටිශන් එකට. තව 1GB වගේ අනිත් පොඩි පාටිශන් ටිකට. ඉතුරු ටික තමා Data, Cache, SDCard කියන පාටිශන් ටිකට ඉතුරු වෙන්නේ.

සාමාන්‍යයෙන් ගූගල් ප්ලේ ස්ටෝ එකෙන් ඇප් එකක් ඉන්ස්ටෝල් හෝ අප්ඩේට් කරන්න නම් ඉන්ටනල් මෙමරි එකේ අවම 450MB වගේ තියෙන්න ඕන. නැත්තං කියනවා ඉඩ මදි කියලා. External SD Card එකේ කොච්චර ඉඩ තිබ්බත් වැඩක් නෑ. ඒනිසා 8GB ඉන්ටනල් මෙමරි තියන ෆෝන් ගන්න එපා!

සමහරු දන්නේ නැති උනාට මෙමරි කාඩ් වල ස්පීඩ් එක තීරණය වෙන්නේ Class එකෙන්. මෙමරි කාඩ් එක උඩ රවුමක් ඇතුලේ ඉලක්කමකින් ඒක ගහලා තියෙනවා. Class 1 තමා අඩුම. Class 10 තමා වැඩිම. ඒ නිසා ගන්නවනම් Class10 මෙමරි කාඩ් එකක්ම ගන්න. හැබැයි ඒවා ගනන්.  (මීට අමතරව Class10ට වඩා හොද කාඩ් වර්ගත් තියෙනව)

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara